
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
කූට ලේඛන සැකසීම සඳහා අන් සතු ගුවන් ගමන් බලපත්‍ර 48 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය සඳහන්කරයි.
එම සැකකරු සමග ගුවන් ගමන් බලපත්‍රවල සහ මුදල් නෝට්ටුවල දිය සලකුණු පරික්ෂා කරන ව්‍යාජ අනාවරකයක් (Blizzard cash technology) මෙන්ම, ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කඩුවෙල ඉහළ බෝමිරිය, රන්මල් මාවත නිවසක පුද්ගලයකු කූට අයුරින් තානාපති කාර්යාල හරහා වීසා ලබා ගැනීම සඳහා කූට ලේඛන සකස් කරන බවට නවගමුව පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් 101998 නිලධාරියාට තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයනාත් මහතා ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස්පරීක්ෂක ආර් . කේ පි වි ශ්‍රීමාල් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වසර පහක පමණ කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකු ලෙස සේවය කළ බවත් අනතුරුව බත්තරමුල්ල ප්‍රදේශයේම රැකියා නියෝජිත ආයතනයක සේවය කළ බවත් එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍ර රැගෙන ආ බව සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd