(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ රියදුරු බරපත්‍ර සාදා  මුදලට අලෙවි කළ සංවිධානාත්මක ජාලයකට අයත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා සමග ව්‍යාජ රියදුරු බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රවලට සමාන ව්‍යාජ රියදුරු බල පත්‍ර සකස් කර රුපියල් 40000/= , 45000/= මුදලකට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාලයක් බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල ක්‍රියාත්මක වන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ. ජි. ජේ කහටදෙනිය මහතාට ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු  යොදවා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රථ ගාල අසලදී සහ අනෙක් සැකකරුවේරහැර රියදුරු අභ්‍යාස ආයතනයක් තුළදී ව්‍යාජ ලෙස සකසන රියදුරු බලපත්‍ර දෙක සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දුම්මල සූරිය යදම්වෙල සහ බොරලැස්ගමුව‍ කටුවාවල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 - 43 අතර පසුවන්නන්ය

සැකකරුවන් නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය