
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට 22 දින දින අලුයම සිට ඇද හැලෙන මහ වැසි හා සුළං හේතුවෙන් මාර්ග ගමනා ගමනය හා දුම්රීය ගමනා ගමනයටත් ජන ජීවිතයටත් දැඩි හානි එල්ල කර ඇති බව ආපදා කළමනකරණ ඒකකයේ පුත්තලම කාර්යාලය පවසයි.
මෙම වැසි හා සුළං හේතුවෙන්හලාවත, මාදම්පේ, නාත්තන්ඩිය, මාරවිල, වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශවලට නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග පද්ධති හා දුම්රිය මාර්ගවලට හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
කොළඹ සිට පුත්තලම බලා ගමන් ගන්නා දුම්රිය මතට වලහාපිටිය දුම්රිය ස්ථානය අසලදි ගසක් කඩා වැටිමේන් දුම්රීයට හානි සිදුව ගමනා ගමනයට බාධා එල්ල වි තිබු බවද කියයි.
ඒ සමගම හලාවත දුම්රිය ස්ථානයේ ප්‍රධාන කාර්යාල පද්ධතියටද සුළගින් හානි සිදුව ඇති බවත් ඇතැම් කාර්යාල වල දුරකථන පද්ධති සම්පුර්ණයෙන් බිද වැටි ඇති බව කියයි.
ඒ සමග නාත්තන්ඩිය කුලියාපිටිය මාර්ගය ද ජලයෙන් යටවි යාමේන් ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.
මෙයට අමතරව මහ වැසි හේතුවෙන් හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට ගං වතුර අවදානමක් මතු කර තිබු අතර මහ වැසිත් සමග ගලා ආ දැවැන්ත ජල කදට හලාවත මහ රෝහලේ වාට්ටු ඒකක දෙකක් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග එම වාට්ටු වල සිටි රෝගීන් කඩිනමින් වෙනත් වාට්ටු වෙත මාරු කිරීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd