(උපුල් හේරත්)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේ සිටි බිරිඳ විසින් කැත්තකින් කොටන බවට මරණ තර්ජනය කරමින් ආරවුල් සහගත තත්ත්වයක් ඇති කළැයියි කියන සිද්ධියක දී, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් තුන් දහස් දෙසීයක් සමඟින් එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූයේ අනුරාධපුර ජයන්ති පටු මග පදිංචිව සිටි අඹුසැමි යුවලකි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ හා වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.ගුණසේකර මහතාට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් කිහිප දෙනෙකු සමගින් කාන්තා පොලිස් නිලධාරිනියක් එම වැටලීමට යොමු කර ඇත.

එම සැකකටයුතු ලෙස පරීක්ෂා කළ යුතු නිවස අසලට පොලිස් නිලධාරීන් ලඟා වීමත් සමඟම එක් සැකකැරවකූ එම නිවස තුළ සිට පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

නිවෙස් හිමියා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී,ඔහුගේ බිරිඳ කැත්තක් ගෙන මරණ බවට තර්ජනය කරමින් සාපරාදී බලහත්කාරී පා රාජකාරියට බාධා කිරීම හා තීයුනු ආයුධයකින් පහරදීමට තැත් කිරීම යන වරදවල් කියාදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.