
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ දියගම පිහිටි යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණික පීඨයේ පළමු වසරේ සිසුවකු පහර දුන්නැයි කියන දෙවන වසරේ සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ බව කියන පළමු වසරේ සිසුවා දෙවන වසරේ සිසුන්ගේ නේවාසිකාගරය අසල රාත්‍රී කාලයේ රැදී සිටිම සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහදීම සිදුව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්වාන පස්සර හික්කඩුව මිනුවන්ගොඩ අම්පාර අනුරාධපුර උඩුගංවිල වැලිපැන්න ප්‍රදේශවල පදිංචි (23) හැවිරිදි යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන් බව පොලිසිය කියයි.
මෙම පීඨයේ පළමු වසරේ හා දෙවන වසරේ සිසුන් රැඳී සිටින නේවාසිකාගාර දෙක අතර පිහිටි "සිරෝ ලෙවල්" නම් පොදු ස්ථානයට බාහිර සිසුන්ගේ පැමිණීම දෙවන වසරේ සිසුන් තහනම් කර ඇති පසුබිමක මෙම පහර කෑමට ලක් වූ සිසුවා රත්‍රී 11.15 පමණ එම ස්ථානයට ගොස් දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී දෙවන වසරේ සිසුන් පිරිසක් එම ස්ථානයට පැමිණ "මේ තට්ටුවට එන්න එපා කියලා නේද තියෙන්නේ" යැයි විමසමින් එම සිසුවාට අතින් පයින් මෙසේ පහරදී තිබේ.
පසුව පහර කෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව පහර දුන් සිසුන් අතරින් එක් සිසුවකුද තමන්ටද පහර දුන් බව පවසමින් සිද්ධියට පසුදා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහල් පොලිසිය කළ දැනුම් දීමකට අනුව පළමු වසරේ සිසුවාට පහර දුන් බව පැවසෙන දෙවන වසරේ සිසුන් අට දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd