
(විමුක්ති එස් රුද්‍රිගු)
අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස නවයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් තවමත් අත්කර ගෙන නැතැයි ආරංචි මාර්ග ඊයේ (10) ප්‍රකාශ කළේය.
චීනය මෙහෙයුම් කටයුතු සිදුකරන හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිරිකිරීමට යෝජිත සයිනොපෙක් තෙල් පිරිපහදුව මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජනය ලෙස සැලකෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.
බදු නිදහස් කිරීම් පිළිබඳව සහ පිරිපහදුවේ නිපදවන තෙල්වලින් මෙරට අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම තවමත් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ නොවීමට හේතුව බව ආරංචි ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වසර මුලදී චීනයේ සිදුකළ නිල සංචාරයේදී සයිනොපෙක් තෙල් පිරිපහදුව සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
තෙල් පිරිපහදුවේ නිපදවනු ලබන ඉන්ධනවලින් සියයට 20 ක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට සහ ඉතිරිය අපනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව මීට පෙර එකඟත්වය පළ කර තිබූ බවත් මෙරට වෙළෙඳපොළේ සියයට 40 ක් අලෙවි කිරීමට අවසර දෙන ලෙස සයිනොපෙක් සමාගමෙන් පසුව නව යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
දෙපාර්ශවයට මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් සහ බදු නිදහස් කිරීම් ලබාදීම සම්බන්ධයෙන් තවමත් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.
සයිනොපෙක් සමාගම රජයේ තීරණය ලැබෙන තෙක් බලාසිටින බව එම සමාගමේ නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ සයිනොපෙක් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ආරම්භ කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි.
සයිනොපෙක් තෙල් පිරිපහදුව සඳහා 2023 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවූ බවත් එය දිනකට බොරතෙල් බැරල් ලක්ෂ 2 ක ධාරිතාවකින් යුක්ත බවත් බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් 20%, දැන් 40% රාජපක්ෂලා හිටියා නම් 80%ක් වුණත් කමක් නෑ. අපිට 10% දීලා...
මට හිතෙන්නේ බදු සහනයක් දීලා හෝ ඔය ව්‍යාපාරය ලංකාවට ගෙන්නුවොත් හොඳයි කියලා, මොකද සිංගප්පූරුව තෙල් බින්දුවක් නැහැ, ඒත් ආසියාවේ තෙල් හබ් එක, කොටින්ම කිව්වොත් ලංකාවත් තෙල් ගන්නේ සිංගප්පූරුවෙන්. ඉතින් අපිට වරායේ වාසිය ගන්න නම් ඔය පිරිපහදුව අත්යාවශ්‍යයි.
දැං මේකටත් කසළ හෝදන කට්ටිය ඇවිත් පහුගිය ආණ්ඩුවලට බනියි. අපේ අකාර්යක්ෂමතාව ගැන ඔවුන්ට අවබෝධයක් නෑනේ. හා නැද්ද..?
බලවතුන් දූගියන්ගේ කොන්ද කඩන විදිය මාලිමාව අත්දකිනවා නේද? ඉස්සර පෙලපාලිවල විදේශ ආදිපත්‍ය වලට හිස නැවූ ආණ්ඩුවලට විරුද්ධව කෑගහපුවා මතකද දන්නේ නෑ..
කුහක විරෝධතා පැවැත්වීම මඟින් වරාය නගරය හැදීම පමා කළ, එ නිසාම චීන රජයට හෝ සමාගමට වන්දිද ගෙවූ, පණුකරඳයක් අල්ලගෙන මධ්‍යම අධිවේගය පමා කිරීමට ද කටයුතු කිරීම මඟින් ඒ සමාගම්වලට ද වන්දි ගෙවූ රටේ සාපය වන මාලිමා ආණ්ඩුවට කළ හැක්කේ රටේ ජනතාව ගොනාට ඇන්දවීම පමණි. සයිනොපෙක් වැනි සමාගම් ද ඒ වග අවබෝධ කරගෙන මාලිමා මරාලයට කර ගැසීම මඟ හරිනවා වන්නට පුළුවනි...
ලංකාවේ සාමාන්‍ය දෛනික තෙල් පරිභෝජනය 130,000 බැරල් වගේ. එයිනුත් කර්මාන්ත සඳහා 30-35% වගේ තමයි භාවිතා කරන්නේ (යාවත්කාලීන දත්ත නොමැත). මේ පිරිපහදුව හරහා දිනකට බැරල් 200,000 නිපදවනවාලු. එයින් 20% ක් කියන්නේ බැරල් 40,000 නැතහොත් සමස්ත පරිභෝජනයෙන් 1/3 ක්. ඉතින් මේ ඉතුරුවෙන විදේශ විනිමය කොපමණද? අනෙක් අතින් රටට අත්‍යාවශ්‍ය ඩොලර් ඉපයීමයි. 2028 වෙනකොට විදේශ ණය ගෙවීම් ආරම්භ වෙනවා. මෙය පිටුපස ඇත්තේ වෙනත් විදේශ බලවේග බව පේනවා. රජය මීට වඩා කොන්ද කෙලින් තියන් වැඩ කළයුතුයි. නැත්නම් අර අපේ පැරැන්නක් කිව්ව" නොකෙරෙන දීගෙට කෝදුරුවා තෙල් පට්ටියකුයි තව ටිකකුත් ඕනේ" වෙයි කියන එක තමයි.
සියයට 20ට වඩා දෙන්නම එපා. ඕනෑම නම් 25% කරන්න . චීන්නු වෙන රටවල කරපු දේවල් වලින් ඉගෙන ගන්න.
හරියටම නම ගැලපෙනවා. මේ වගේ වොෂින්ටන්ලා දැන් අඩු වේගන යන්නේ...
රට වලපල්ලට යැව්වෙ හොරුන්ට වඩා මේ වැඩ බැරි අනුන් වැඩක් කරනකොට කකුලෙන් ඇදපු ජෙප්පෝ කියලා අපේ ගොබ්බ ඡන්ද දායකයෝ තේරුම් ගන්නකොට තව අවුරුදු 5 ක් ඉවරයි. 2015 න් පස්සේ මොනවාද අලුතෙන් කලේ. මට නම් දුකයි අපේ රට ගැන...
එකගතාවයට අනුව කටයුතු කරන්න සයිනෝපෙක් සමාගමට බැරි නම් ආණ්ඩුවට තියෙන්නේ ඒ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවා සුදුසු ආයෝජකයෙක්ට ඉඩ ලබා දෙන්නයි. විශේෂයෙන් ඉන්දියාව, ඉරාන වැනි රටවල් උනන්දු වෙයි ලංකාවේ තෙල් පිරිපහදුවක් සදහා ආයෝජන කරන්න.