(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තොට ළඟ පාළම  අසලදී  කාන්තාවක සමඟ ඇති ඇතිකර ගත් ආරවුලක් මත එම කාන්තාවගේ පුතුන් දෙදෙනා කළ පහරදීමකින් දින දෙකක් එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයෙකු  රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයකි. ඉකුත් අප්‍රේල් 23 වැනි දින එම පහරදීම සිදුවී ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ මවට මියගිය පුද්ගලයා බීමතින් බැණ වැදුණයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු සහ ඔහුගේ සහෝදරයා එම පුද්ගලයාට පහර දී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.