
(අංජුල මහික වීරරත්න)
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම ඇගැයීම කරනු ලබයි.
ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්රවල ප්රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙය රජයට පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නොව මේ සඳහා මාපියන්, ගුරුවරුන් සහ දරුවන් ඇතුළු සියලු පාර්ශ්ව එක්විය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මගින් ළමා පරපුරට තාක්ෂණය සුරක්ෂිත ලෙස යොදාගත හැකි පරිසරයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd