
(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, 2026 මැයි මාසයේ සිට එම සහල් වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යාවත්කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෙන්වා දී ඇත. ස්ථාවර මිලක් සහිතව සම්බා සහ කීරි සම්බා වලට වෙළෙඳ පොළෙහි පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ග වලට සමාන සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව තිබේ.
ඒ අනුව, සම්බා සහ කිරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශක සේ සලකනු ලබන හා සංයෝජිත වර්ගී කරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා සහ කිරී/ පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 1,040 ක උපරිම ප්‍රමාණයක් ඕනෑම ආනයනකරුවකු විසින් 2026-04-01 දින සිට 2026-04-30 දින දක්වා කාල සීමාව තුළ ආනයනය කිරීමටත්, එම සහල් තොග 2026-05-31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත්, එකී සහල් වර්ග ආනයනය කරන ආනයන කරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාද්දී මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ... අම්මපා...