
‘රාම සීතා’ කතාව ඇසුරන්, ලන්ඩන් නුවර OVO Arena Wembley හිදී පැවැත්වීමට නියමිත Diwali Story: The Journey of Ram – A Musical' සංගීත වේදිකා නාට්‍යයේ සීතාගේ චරිතයට පණ පොවන්නේ, 19 හැවිරිදි තරුණ නිළි භවිත්රා ගණනාතන්ය. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළියක රාමායණයේ ‘සීතා’ ගේ චරිතයට පණ පොවණ පළමු අවස්ථාව මෙයයි.
Story: The Journey of Ram – A Musical වේදිකා නාට්‍යයේ, ‘රාම්’ ලෙස චරිත නිරූපණය කරන්නේ, කිරාන් කානන් (Kiran Kaanan) ය. කලාකරුවන් සහ නර්තන ශිල්පීන් 100 දෙනෙක් මෙම ප්‍රසංගයට එක් වී සිටිති. සීතාගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳව අදහස් දක්වමින් භවිත්රා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ සීතාට ඇති සම්බන්ධතාවය තරුණියක ලෙස තමාට ඉතා අර්ථවත් බවය.
රංගන ශිල්පිණියක, ලේඛිකාවක සහ සම්ප්‍රදායික භරත නාට්‍ය නර්තන ශිල්පිනියක වන භවිත්රාගේ පළමු වේදිකා නාට්‍යය The Little Mermaid ය. එහි රංගනයේ යෙදෙද්දී ඇයට අවුරුදු 5 ක් විය. පසුගිය වසර 14 පුරා ජාතික යෞවන රඟහල (National Youth Theatre) සහ රෝස් රඟහල (Rose Theatre) වැනි ප්‍රසිද්ධ ආයතන සමඟ භවිත්රා පුහුණු වී ඇත. Story: The Journey of Ram – A Musical වේදිකා නාට්‍යය, සැප්තැම්බර් 27 වන දින පස්වරු 4:30 ට OVO Arena Wembley රඟහලේ දී සවස 6:15 ට ආරම්භ වේදිකාගත වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd