
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම න්‍යාය පුස්තකය ඉකුත් 21 දාතමින් නිකුත් කෙරිණ.
මෙයට අමතරව පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත් තුනම ලබන ඔක්තෝබර් මුල් සතියේදී විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන (සංශෝධන) පනක් කෙටුම්පත සහ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් විසි එකක් දැනට ලැබී ඇත. එම පෙත්සම් විභාග කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයාට ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද දීර්ඝ කිරීමට යෝජනා කර ඇත.
මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙන් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉක්මන් කොට සම්මත කොට අදිකරන පද්දතියේ ඇති අඩු පාඩු විසදන්න
මේ රජය රටට ජනතාවට කිසිම අවඩැක් වෙන දෙයක් නොකරන බව ජනතා විශ්වාසය පලුදු නොකරන බව සහතිකයි
කතා කර කර ඉන්නෙ නැතිව මෙම ක්‍රියාදාමය නීතියක් බවට පත්කරන්න
මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක හොඳයි. නමුත් විපක්ෂයේ ඉන්න අයගෙන් විචාරශීලී විවාද බලාපොරොත්තුවෙන්න බැහැ. විපක්ෂයට ලැබෙන කාලය අරගෙන කතාකරන අය දැක්කම පේන්නෙ සද්දේ විතරක් තියෙන හරයක් නැති කතා කරන අය තමයි ඉන්නේ.