(ටී.කේ.ජී.කපිල )

රුපියල් හතලිස් පන් ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද(05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොවුන් අවුරුදු 29 සහ 42 වයස් වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .

 ඔවුන් අද දින අලුයම 01.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 30,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 152 සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .