
සේවාවන් 15 අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් නිකුත්කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබේ.
ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායකගේ මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත
ඒ අනුව විදුලිය, ඉන්ධන ,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර,දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඇතුළු ශේත්‍ර නිලධාරීන් ,ගිලන් රථ,මහ බැංකුව,රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා,වාරි මාර්ග ,දුරකථන,විදුලි සංදේශ සහ මාධ්‍ය,පහත් බිම් ගොඩකිරීම,කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින්ජ නාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථමයෙන් එම අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය පසුගිය නොවැම්බර් 29 වැනිදා නිකුත් කිරීම සිදුවිය.
දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ පසු ආපදා තත්ත්වය පිළිබඳ සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා තවදුරටත් අදාළ සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd