(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය.

ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානා 02 ක්, සාජා නුවර සිට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයක් සහ කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයක් වශයෙන් ගුවන් යානා 06 ක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ .