
(නිමල් ජයරත්න)
වී අලෙවි මණ්ඩලයේ වැලිකන්ද ගබඩාවට වී ලබාදී දින දොළහක පමණ කාලයක් ගත වූවද මෙතෙක් මුදල් ලැබී නැතැයි වැලිකන්ද ගොවීහු චෝදනා කරති.
මුදල් නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවද වැලිකන්ද ගොවීහු කියති.
මෙම තත්ත්වය නිසා වී අස්වනු නෙලන ලද යන්ත්ර සූත්ර හිමිකරුවන්ට මෙන්ම කුලී වැඩවල නිරත වූවන්ට අදාල කුලි ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටිති.
අප මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඒ සඳහා ප්රමාදයක් තිබෙන බවත්, 15 වන අඟහරුවාදා පමණ වන විට මුදල් බැර කිරීමට කටයුතුයි කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd