
(ප්‍රදීප් කුමාර)
වවුනියාව පුවරසංකුලම් ප්‍රදේශයේ අද (20) ඇතිවූ මහ ගින්නක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මැදිහත්තවීමෙන් මේ වන විට පාලනය කර ඇත.
මෙම ප්‍රදේශයේ වනාන්තර ප්‍රදේශයක් තුළ ගින්න හට ගැනීමත් සමග පුවරසංකුලම් පොලසිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවන හා ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත ඒ පිළිබද දැනුම් දි තිබේ.
ඒ අනුව ගුවන් හමුදාවේ අදාළ නිලධාරීන් වහාම අදාළ ප්‍රදේශයට ලගාවී මෙම ගින්න පැතිර යාම පාලනය කර තිබේ.
ගුවන් හමුදාවේ ක්ෂණික මැදිහත්වීම හේතුවෙන් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට තව දුරටත් ගින්න පැතිර යාමත් යාබද පිහිටි වවුනියා විශ්ව විද්‍යාල පරිශ්‍රයට ගින්න පැතිර යාමත් නතර කර ගැනීමට හැකි විය.
ප්‍රදේශවාසින් සදහන් කරන්නේ ගුවන් හමුදා නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීම මත විශාල විනාශයක් වැලකි ගිය බවයි.
මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග නිරන්තරයෙන් වවුනියාවෙ වනාන්තර ආශ්‍රිතව ගිණි ගැනිම් දක්නට ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd