
(නිමල කොඩිතුවක්කු)
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම, සැපයුම් සේවා (ලොජිස්ටික්ස්), යටිතල පහසුකම් දෙමුහුන්/ සංයුක්තව්‍යාපාර ආකෘති හා පොදු ව්‍යාපාර සහ ව්‍යාපාරික අංශයන්ට අයත් ව්‍යාපාර ආයතන 68ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමට 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එම ව්‍යාපාර 68 ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් 2026-04-10 දිනැති අති විශෙෂ ගැසට් නිවේදන මඟින් නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd