අධිකරණයේ විනිසුරුවරුන් ඉලක්ක කොට විවිධ අභූත චෝදනා එල්ල කිරීමෙන් වළකින්නැයි , එම විනිසුරුවරුන්ට එරෙහිව ප්‍රචාරණ දියත් කරන වෙබ් අඩවි ඇතුළු ඇතැම් ජනමාධ්‍ය ආයතන වලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටින්නේ යැයි එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පැවසීය.
විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් ගැන චෝදනා හෝ විවේචන ඇත්නම් ඒවා විධිමත් හා නීත්‍යනුකූල ලෙසින් අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු අදාළ පාර්ශව වෙතට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා මේ බව කියා සිටියේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන වාර්තා පිළිබඳ සිය සංගම් ස්ථාවරය දැනුම්දීම සඳහා කොළඹ අලූත්කඩේ පිහිටි එම සංගම් මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ සංගම් ලේකම්වරයා කියා සිටියේ මෙවැනි දෑ මාධ්‍ය විසින් දිගින් දිගටම සිදුකළහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට ,යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හා ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල කරන්නක් වන බවයි.
නීතීඥ අමල් රන්දෙණිය මහතා මෙසේද කීය.
“මෑතකදී සිට ඇතැම් මාධ්‍ය විසින් විනිසුරුවරුන් ඉලක්ක කර ගනිමින් අනවශ්‍ය විවේචන , එම විනිසුරුවරුන් ලබා දුන් නඩු තීන්දු විවේචනය කරමින් ප්‍රචාරණයේ නිරත වනවා. එය රටට යහපත් ප්‍රවණතාවයක් නොවෙයි. විනිසුරුවරයින් සම්බන්ධයෙන් යම් කිසි අයෙකුට විවේචන තිබේ නම් ඊට අදාළව නීත්‍යානුකූල ලෙසින් පැමිණිලි කළ හැකි ආයතන මේ රටේ තියෙනවා. විශේෂයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව ,අගවිනිසුරුතුමන්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අතරින් විශේෂයි. ඒ නිසා අපි අදාළ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා යම් කිසි චෝදනාත්මක විනිසුරුවරුන් සිටී නම් විනිසුරුවරයා සිදු කළ අකටයුත්ත ගැන විධිමත් හා නීත්‍යනුකූල ලෙසින් අදාළ ආයතන වලට පැමිණිලි කරන ලෙසට.ඉන්පසුව එම පැමිණිල්ල ක්‍රියාත්මක වීමට අදාළව තොරතුරු වාර්තාකරණය කරන්න කියා මේ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා.
ඒ වගෙම විනිසුරුවරයෙකුගේ නඩු තීන්දුවකින් යම් කිසි පැමිණිලිකාර පාර්ශවයකට අසාධාරණයක් සිදු වූවා නම් ඔවුන්ට අභියාචනාධිකරණය ,ශ්‍රෙෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවලට පවා ගොස් ලබාදුන් තීන්දු ප්‍රතිශෝධනය හෝ අභියාචනය කළ හැකියි.
වෙබ් අඩවි ඇතුළු ඇතැම් මාධ්‍ය වලින් මෙවැනි අභූත චෝදනා වලට ලක්ව ඇති මහේස්ත්‍රාත් ,මහාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගැන අපට තොරතුරු ලැබිලා තිඛෙනවා. නමුත් මේ විනිසුරුවරුන්ගේ රැකියා ස්වභාවය අනුව සමාජය ඉදිරියට පැමිණ සිදුවන අසාධාරණය ගැන හඬ නගන්නට බැහැ. ඒ නිසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ රටේ අධිකරණය රැක ගැනීමේ අරමුණෙන් මෙලෙස ඉදිරියට පැමිණියේ. විනිසුරුවරුන් අතින් වැරදි සිදුවන්න පුළුවන්. එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාකළ පසුබිම මේ රටේ තිඛෙනවා. වෙබ් අඩවි තහනම් කරන්න අපට බැහැ.නමුත් ආචාර ධර්ම පද්ධතියකට යටත්ව සිය ක්‍රියාපටිපාටිය මෙහෙයවීම මාධ්‍යයේ වගකීමක්.“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු කල් යනවට තමා මෙයාල කැමති. එතකොටනේ එයාලට හම්බකරන්න පුළුවන් (ම)
චෝදනා හා විවේචන,කතා කිරීමේ, මාධ්‍ය නිදහසයි.ඒවා බොරුනම් ඔප්පුකර පෙන්වන්න. (අ)
සරත් සිල්වා, විග්නේශ්වරන් වැනි හිටපු විනිශ්චයකාරවරුන්ගේ වර්තමාන ක්‍රියා කලාපය දකින විට ඔවුන් විනිශ්චකාර ධුරයේ සිටින විට සාධාරණ තීන්දු දුන්නාදැයි සැකයක් ඇතිවන්නේ නැද්ද ? (ම)
කාන්තාවන්ට සමතැන, සම අයිතිවාසිකම් ලබාදි ඇති, රටක, දරුවන් නඩත්තු කිරීමේදි පමණක් ඒ වගකිම පිරිමියාට පමණක් පවරා ඇත. මෙය දෙදෙනාගේම වගකිමක් කළ යුතුයි. (ම)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එක පාට කුරුල්ලෝ වහන්නේ එක අත්තේ. මොවුන් දෙගොල්ලොම මහජනතාව පිඩාවට පත්කරනවා. ඒ වගේම බෙදාගෙන කනවා. මේගොල්ලන්ට වෙන්වුණු පැවැත්මක් නැත (ම)
පැමිණිලි කිරීමට තැනක් තියෙන බව ජනතාව දන්නවා වුණත් , ඒවා ගඟට කැපූ ඉනි වගත් ජනතාව දන්නවා (නි)
කවරකුගේ හෝ වැරදි ක්‍රියාකලාපයන් ජනතාව හඳුනා ගතයුතුය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය ආයතනවල යුතුකමක් වගේම වගකීමකි. අධිකරණයේ ගෞරවය රැකගත යුත්තේ එහි ක්‍රියාකාරීන් විසිනි. සාමාන්‍ය මිනිසුන් වන අප නම් දන්නේ විවේචනය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් බවකි. විනිසුරුවන් ආචාර ධර්ම පද්ධතියකට යටත්ව කටයුතු කරන්නේ නම් මාධ්‍යයේ ආචාර ධර්ම පද්ධතිය ගැන ගැටළුවක් ඇතිවන්නේද නැත. (නි)
සමහර වෙලාවට නඩුකාරයෝ පත්වන්නේ මහත් අසරණභාවයකට.
වරදක් කර නැත්නම් මොනවට කලබල වෙනවද (නි)
අපේ ආයු කාලය වසර 500 ක් විතර කියලා හිතලා තමයි අපේ රටේ නඩු විසඳන්නේ. තව කියනවා වැරදි තීන්දු ආවොත් ඇපිල් කරන්නලු. මිනීවළේ ඉදන් තමයි ඇපීල් කරන්න වෙන්නේ. (නි)
අධිකරණ සේවා කොමිසමට චෝදනා බාරදීලා වැඩක් තියේද? දැන් කලින් ඒවට දඬුවම් දුන්නද? මාධ්‍යයෙන් කරන විප්ලවයක් විතරයි. (නි)
සමහර විනිසුරුවන්ගේ ක්‍රියාකලාප ගැන අපි අසා ඇති දේවල් බලනවිට ඔවුනට චෝදනා එල්ල කිරීම ගැන චෝදනා කරන්න බැහැ (නි)
දැන් කියන්නේ මේ තීන්දු දුන්නේ බලපෑමක් මත කියලද?
මිනිස්සු මැරිලත් තියෙනවා නම්, හොර ආයුධ මිනීමරුවන් ළඟ තිබිලා අහුවෙලත් තියෙනවා නම් නිදොස්කොට නිදහස් කරන තීන්දු ඉබේම විවේචනය වෙනවා මහත්තයෝ. මේක 21 වෙනි සියවස. (නි)
කළු කෝට් කට්ටිය හරියට මිනිසුන්ව හුරගෙන කන්නේ නැතිව කාටත් සාඡාරන සේවයක් කරනවානම් මේ ප්‍රශ්න එන්නේ නැහැ . නඩු කාරයෝ සහ එයාලගේ තීරණ තීන්දු ගැන කතා කරල වැඩක් නැහැ ලොකුම දුෂ්ට මිනිසා සරත් එන් සිල්වා තව මොනවාද කතා කරන්නේ ? (බ)
විනිසුරුවරයා හොඳයි නම්, අපක්ෂපාතී නම් කිසිම අභූත චෝදනා එල්ලවීමක් වෙන්නේ නැහැ නේද? (නි)
එයාලා මාධ්‍ය වලට ඇඟිල්ලක් දික්ක්රනකොට ඇඟිලි පහක් එයාලගේ පැත්තට හැරී ඇති බව අමතක කරන්න එපා. සමහර අය ගැන සමහර මාධ්‍ය කරපු චෝදනා බොරු නොවන වගත් ඔය සංගමය හොඳටම දන්නවා නේද? (නි)
එතකොට විනිසුරුවරුන්ට චෝදනා අධිකරණ කොමිසමට විතරක් දෙනවා, පොලිසියේ චෝදනාත් පොලිස් කොමිසමට විතරක් දෙනවා. මාධ්‍ය වලට දාන්න දෙයක් ඉතුරු වෙන්නෙම නැහැනේ. (නි)
ඕවා කෙසේවෙතත් අනවශ්‍ය ලෙස නඩු කල්යවන එකට එරෙහිව නීතියක් හදනවා නම් හරි වටිනවා. ඇත්තටම විනිසුරුවරුන්ට මේකට ලොකු දෙයක් නරන්න පුළුවන්. (නි)
අභූත චෝදනා එල්ලවීමක් ඇත්නම් නීති මඟින් කටයුතු කළහැකියි නේද? (නි)
අධිකරණ වල නඩු විසඳීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. නඩුවකට ගියාම එය කැඳවන වෙලාවක් නිශ්චිතව නැහැ. උදේ සිට බලා ඉන්න ඕනෑ කැඳවනකම්. සමහරවිට සවස් වනතුරු බලා සිටියද කල්වේලා නැතිබව ඒ වෙලාවට ප්‍රකාශ කරමින් නැවතත් මාස ගානකට නඩුව කල් දානවා. පුදුම රස්තියාදුවක් වෙන්නේ. (නි)
රටේ විධායක ජනාධිපතිවරයා පවා විවේචනය කිරීමට අයිතියක් තියෙනවා නේද? (නි)
ඉඩම් නඩු වසර 15-20 අහන එකම රට ලංකාව විය යුතුයි. නිදහස ලබා වසර 50 පසුවි ඇතත් ඇයි මෙය ඉක්මන් කරන ක්‍රමවේදයක් හැදුවේ නැත්තේ? අනවශ්‍ය ලෙස ඇස් පනාපිට පේන විදියට කල් ගන්නවා සමහර නඩුවල. මේවා වළක්වන්න නීතියක් හදන්නෙ නැත්තේ ඇයි? (නි)
නඩුවක් කියලා තීන්දුවක් ගන්න අවුරුදු ගානක් බලාඉන්න වෙනවා. “විනිසුරුවරයෙකුගේ තීන්දුවකින් නිසා අසාධාරණයක් සිදුවූවා නම් අභියාචනාධිකරණය යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් මේවට තව කොච්චර කල් යනවද? සල්ලි යනවද? කාටද මෙහෙම කරන්න පුළුවන්. ඒ නිසා විනිසුරුවරුන් හැමවිටම නිවැරදි තීන්දු ලබාදිය යුතුයි නේද? (නි)
රටේ සෑම විනිසුරුවරයෙක්ම තීන්දු දෙන්නෙ නීතියට අනුව නම් එක එක අයට එක එක තින්දු ප්‍රකාශ කළහැකිද? (නි)
නීතිය ක්‍රියාත්මක කරන ආයතන එනම් උසාවිය, නීතිපති දෙපාර්මේන්තුව දුෂිත නම් රටේ නීතිය වල්වැදීම වැළැක්විය නොහැකිය. එම ආයතන නිසිපරිදි ක්‍රියාත්මක වෙනවාද යන්න සොයාබැලීමට සහ විවේචන කිරීමට බදු ගෙවන මහජනතාවට ඇති අයිතිය කිසිවකුට උදුරාගත නොහැක. තමන්ගේ නඩුව අහන්නේ නැතිව දිගින් දිගටම ප්‍රමාදවන හේතුව ප්‍රශ්න කිරීමට මිනිසෙකුට අයිතියක් නැත්නම් ඒ රට වැඩවසම් ගෝත්‍රික රටක් ලෙස හැඳින්විය යුතුය.
රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා කවරෙකු වුවද තම රාජකාරිය 100% ක් නිවැරදිව කිරිමට බැඳී සිටි. එසේ නොවන්නේ නම් ඒ ගැන දැනගැනීමටද ජනතාවට අයිතියක් තිබිය යුතුයි. මාධ්‍යයේ වගකීමද එයයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක එය කිරීමට හැකි විය යුතුයි. (නි)
නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළ පසු එය ප්‍රසිද්ධකළ දෙයක් නිසා ඒ ගැන කතා කිරීමට මාධ්‍යයට මෙන්ම වෙන ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා නේද? ප්‍රකාශයට පත්කළ නඩු තීන්දු යනු රහස්‍ය දෙයක් නෙමෙයි නේද? (නි)
නඩු අනවශ්‍ය ලෙස කල්ඇදිම නිසා අසාධාර්ණයට බඳුන්වුණ පාර්ශ්වය නැවත වරක් බලවත් අසාධාරණයකට ලක්වේ. යම් හෙයකින් විනිසුරුවරයෙකුගේ නොසැළකිල්ල හෝ පක්ෂග්‍රාහිත්වය නිසා වැරදි තීන්දුවක් ප්‍රකාශකළහොත් නැවත නැවතත් අසාධාරණයට පාත්‍ර වේ. මේවා නැති කළයුතුයි. මේ ගැන කතා කළයුතුයි. ජනතාව දැනුවත් කළයුතුයි. (නි)
හිතූ හිතූ ගණන් අයනෙකාර, අය කරන නඩු ගාස්තු වල සීමාවන් නියම කිරීම, සේවාදායකයාට අයකරගත් නඩු ගාස්තු වෙනුවෙන් බිල්පතක් දීම අනිවාර්ය කිරීම වැනි ආචාර ධර්මත් ඇතිකරගත්තා නම් මේ රට තව ටිකක් ලස්සන වේවි. අසරණ මිනිසුන්ට සහනයක් වෙයි. (නි)
කියන්න කණගාටුයි. රටේ අවධානයට අුඩුවෙන්ම ලක්වුණ, කාර්යක්ෂමතාවය වැඩි කරන්න ක්‍රියාමර්ග නොගත් ක්ෂේත්‍රයක් තමයි මේක. නඩු කියන මිනිසුන් දන්නවා මොනතරම් කාලය ගතවෙනවද, මොනතරම් සල්ලි යනවද, මොනතරම් පිඩනයකින්ද ඉන්නෙ කියලා. මේවට උත්තර තාම නැහැ. (නි)
නීතිපති දෙපාර්තමේන්තුව ලොන්ඩරියක් කිව්ව අයට දැන් සනීපයිද? (නි)
පුද්ගලික වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තත්, කඩේකින් බඩුවක් ගත්තත් බිල් පතක් දිම අනිවාර්යයි. නමුත් දහස් ගණන් අය කරන නඩු ගාස්තු වෙනුවෙන් බිලක් දෙන්නේ නැහැ. එහෙම නිතියක් අපේ රටේ නැහැ. නිතිය දන්න අයමයි ඒක නොකරන්නේ. ඒකයි ප්‍රශ්නේ (ම)
ඉඩම්, පවුල් නඩු ඉක්මණින් විසිදිමේ ක්‍රමයක් රටට අවශ්‍යයි. දැනට තියෙන ක්‍රිස්තු පූර්ව ගනන් වල හේතු අනුව 21 වන ශතවර්ෂයේ දික්කසාද වෙන්න බැහැ. ඒකයි මේ නඩු ගොඩගැහෙන්න ලොකුම හේතුව. (ම)
රටේ යුක්තිය පසිදලන අය අතින් නොසැලිකිල්ල, පක්ෂපාති බව සිදුවිය නොහැකියි. එසේ වනවානම් එය බලවත් වරදක්. (ම)