(සුජිත් හේවාජුලිගේ )

මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන  ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද කොමිසම සඳහන් කරයි. ජුනි මස අවසාන දිනවල පද්ධතියට එකවර විශාල පිරිසක් පිවිසීමෙන් යාලයේ තදබදයක් ඇති විය හැකි බව එළි නිලධාරීහු පවසති.

ජුනි මස 30 වෙනිදායින් පසු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයන්ට අධිභාරයකට යටත් වීමට සිදුවන බව එහි නිලධාරියෙක් පැවසීය.