
(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
භූගත ජල මූලාශ්‍ර දූෂණය වීම, භූගත ජල ඉල්ලුම ඉහළ යාම, දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටා සහ භූගත ජල ප්‍රතිආරෝපණ ක්‍රියාවලින් වෙනස් වීම් ආදී අභියෝගයන්ට මුහුණ දීම සඳහා පියවර ගැනීමේදී දිගුකාලීන තිරසරභාවය සහිත දැනුවත් තීරණ ගැනීම සඳහා සහාය වන වඩාත් ව්‍යුහගත, විශ්වසනීය සහ විද්‍යාත්මක පදනමක් සහිත භූගත ජල තොරතුරු පද්ධතියක අවශ්‍යතාව පැන නැගී තිබේ. එහෙත්, වසර ගණනාවක් පුරා රැස් කරන ලදුව ජල සම්පත් මණ්ඩලය සතුව පවතින දත්ත කට්ටල බොහෝ දුරට විසිරී පැවතීම සහ ඒවා ක්‍රමානුකූලව භූ-යොමුගත (geo-referenced) කර නොමැති වීම හේතුවෙන් අවකාශයීය විශ්ලේෂණ සහ විස්තීරණ භූගත ජල කළමනාකරණය සඳහා එම දත්ත ඵලදායී ලෙස භාවිත කිරීමට නොහැකි වී ඇත. එමෙන්ම, භූගත ජල කළමනාකරණ ක්‍රියාවලින් හිදී භූගෝලීය තොරතුරු පද්ධති මෙවලම් ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම මඟින් උසස් අවකාශීය ආකෘති සහ සිතියම් කරණ පද්ධති සංවර්ධනය කිරීම ද සීමා වී තිබේ.
එබැවින්, එකී අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. භූගත ජල තොරතුරුවල ගුණාත්මක භාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීම, ජල සම්පත් මණ්ඩලයේ නියාමන ධාරිතාව ඉහළ නැංවීම, බලපත්‍ර ලබා දීම, නිමානය කිරීම, නීතිය බලගැන්වීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම එමඟින් සිදු කෙරෙනු ඇත.
ඒ අනුව, රුපියල් මිලියන 180ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, යාපනය සහ හම්බන්තොට යන ප්‍රධාන දිස්ත්‍රික්ක 05 මූලික කර ගනිමින්, 2027 වසරේ සිට වසර 03 ක කාලසීමාවක් තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd