
(අංජුල මහික වීරරත්න)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනාගත පාර්ලිමේන්තුවකට යම්කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ හැකියාව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
22 සංශෝධනය සම්මත වුවද එය අවසානය නොවන බවද ජී.එල්. පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එල්. පිරීස් මහතා මෙසේද කීය.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය සතුවන්නේ පාර්ලිමේන්තුවට. නමුත් පාර්ලිමේන්තුව ඒ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහායි. බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව අතේයි කියලා.
නමුත් නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ වැඩ කටයුත්තක් හැටියට පිළිගන්නවා. සාමාන්‍යයෙන් අපේ රටේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන්. එහෙම වුණත් ඕනෑම නීතියක් විවාද කරලා සම්මත කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නැහැ. ඕනෑම නීතියක් පාර්ලිමේන්තුවට සම්මත කරන්න බැහැ. ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපාන පනතක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙනවා ජනතාවගේ අනුමැතිය ලබාගන්න. සෘජුවම ජනතාව ළඟට ගිහිල්ලා මේකට කැමතිද අකමැතිද කියන ප්‍රශ්නය අහලා, ජනතාවගේ අනුමැතියට යටත්ව තමයි සමහර නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන්නේ යනුවෙන් ද ජී.එල්.පීරිස් මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd