
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන සහනය දෙන්නේ ඩීසල් වලට පමණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව ඉදිරි මාස 03 ක කාල සීමාවක් සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත සහනයක් සලසා දීමට සැලසුම් කරනු ලැබ ඇත. එම සහනය සැලසීම පිණිස ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5 ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15 ක් වශයෙන් මාසික සීමාවන්ට යටත්ව ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd