
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනජීවි පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හේතුවෙන් රෝගී තත්වයේ සිටි කාවන්තිස්ස හස්තියාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත එල්. විමලදාස මහතා පැවසිය.
වෙඩි වැදිමක් හේතුවෙන් පාදයකට බරපතල තත්වයේ සිටි වනාන්තර ආශ්‍රීතව සැරිසරණ කාවන්තිස්ස හස්තියාට පසුගිය 24 දින සිට වනජීවි පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබුනී.
එලෙස ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ හස්තියා නිර්විදනය කිරීමෙන් පසුවය.
කාවන්තිස්ස හස්තියාට පසුගිය දින කිපය පුරාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුකළ බවත් මේ වන විට උස්ගල සියඹලන්ගමුව හා බණ්ඩාරගම ලීකොලවැව ඇතුළු ප්‍රදේශ රැසක සැරිසරමින් ඇති බවත් හස්තියාගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පැවැසීය.
හස්තියාගේ හැසිරිම් රටා නිසි ලෙස නිරික්ෂණය කරමින් සැරිසරන කලාප සොයා බලමින් හස්තියා දෛනිකව නිරික්ෂණය කරමින් ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd