(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන සියය ඉක්මවා ගිහින් තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කීවේ 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ කල් තැබීමේ විවාදය අමතමිනි.

2022 වර්ෂයේ ඇතිවූ ඉතිහාසයේ විශාලතම ආර්ථික පසුබෑමත් සමග මෙරට ආර්ථිකය දැඩි අවදානමකට ලක්වුණා.කෙසේ නමුත්  2025 වසර අවසන් වන විට අවදානම සම්පූර්ණයෙන් පහව ගියේ නැතත් ආර්ථිකයේ නිවැරදි මාවතේ ඉදිරියට ගමන් කරනවා.2025 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ ඒ බව සඳහන්ව තිබෙනවා.එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන සියය ඉක්මවා ගිහින් තිබෙනවා.එමෙන්ම ඒක පුද්ගල ආදායම ඩොලර් 500 ඉක්මවා තිබෙනවා.විදේශ ප්‍රේෂණ ලැබීම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර තිබෙනවා.ජංගම ගිණුමේ ශේෂයද පෙර වසර වලට වඩා ඉහළ අතිරික්තයක් වාර්තා කර තියෙනවා. බැංකු හා මූල්‍ය පද්ධතිය ශක්තිමත් ලෙස වර්ධනය වෙමින් පවතින අතර බැංකුවල අක්‍රීය ණය ප්‍රමාණය අඛණ්ඩව අඩු වෙමින් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.