(මනෝපීය ගුණසේකර)

නඩු විභාගය සඳහා ඉදිරිපත්ම වී සැඟවී සිටියදී අල්ලස් කොමිසම  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරය රඳවා තැබීමට කොළඹ මහාධිකරණය විනිසුරු රශන්ත ගොඩවෙල මහතා අද නියම කළේය.

නඩු විභාගය සඳහා පෙනී නොසිට අධිකරණය මගහැරීම හේතුවෙන් දුටු තැන ඔහු අත්අඩංගුවට ගැනීමට නියම කරමින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හිටපු අමාත්‍යවරයා මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

ලන්ඩන් නුවර පැවැති ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ප්‍රදර්ශනයකට සහභාගි වී මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් ගෙවීම සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹ වූ බවට විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවට 2025 වසරේ සිට ම පෙනී නොසිට අධිකරණය මගහැරීම හේතුවෙන් දුටු තැන ඔහු අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මහාධිකරණය විසින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබිණි.