
(විමුක්ති එස් රුද්රිගු)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අඛන්ඩව දින නවයක් කඩා වැටෙමින් පසුගිය 21 වැනිදා මෙම මාසයේ ආසියාවේ දුර්වලම මුදල් ඒකකය වූ ශ්රී ලංකා රුපියල නැවතත් පසුගිය 22 වැනිදා ආසියාවේ හොඳම මුදල් ඒකකය වී ඇතැයි බ්ලූම්බර්ග් පුවත්සේවය වාර්තා කළේය.
ශ්රී ලංකා රුපියල පසුගිය 22 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.7 කින් නැවතත් ශක්තිමත් වූ අතර එය 2023 වසරේ මාර්තු මාසයෙන් පසුව ශ්රී ලංකාව රුපියල ශක්තිමත් වූ වැඩිම ප්රතිශතයද වේ. ඒ හේතුවෙන් එදින ආසියාවේ හොඳම මුදල් ඒකකය බවට පත්වීමට ශ්රී ලංකා රුපියලට හැකියාව ලැබී ඇත.
ඊට පෙර ශ්රී ලංකා රුපියල අඛණ්ඩව දින නවයක් කඩාවැටුණු අතර පසුගිය 21 වැනිදා ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.03ක් වූ අතර ගැනුම් මිල රුපියල් 342.63ක් විය. පසුගිය 22 වැනිදා නැවතත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ශක්තිමත් වූ අතර එහිදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 353.17ක් වූ අතර ගැනුම් මිල රුපියල් 342.67ක් වූවේය.
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ මතුව ඇති තෙල් අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාවේ පමණක් නොව තෙල් ආනයනය කිරීම මත යැපෙන බොහොමයක් රටවල මුදල් ඒකක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කඩාවැටීමට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd