(අංජුල මහික වීරරත්න)

රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ මුද්‍රණාලයාධිපති තනතුරේ මේ වන විට සේවය කරනු ලබන එස්. ඩී. පාඩිකෝරාල මහතාගේ සේවා කාලය 2026-04-01 දිනෙන් අවසන් වීමට නියමිතය. 2013-06-26 දිනැති රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව අනුව මේ වන විට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ  නොමැත.

එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රජයේ මුද්‍රණාලයාධිපති ලෙස සේවය කරනු ලබන මුද්‍රණ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම සේවයේ 1 පන්තියේ II ශ්‍රේණියේ නිලධාරි ආර්. ඒ. පී. කේ. ජයරත්න මහතා, 2026 -04-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කාලීනව රජයේ මුද්‍රණාලයාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.