(අංජුල මහික වීරරත්න)

රණවිරුවො යුද්දෙ ඉවර නොකලා නම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

යුද්ධය අවසන් නොකළා නම් ජනපතිට ජොගින් යන්න වන්නේ ප්‍රභාකරන්ගෙන් අවසර ලබාගෙන බවද නාමල්  රාජපක්ෂ මහතා කීය.

රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ල  රණවිරු ගම්මානයේ පැවති රණවිරු සැමරුමකට සහභාගී වෙමිනි.

"යුද්ධය අවසන් වුනාට යුද්ධය අවසන් කරන්න  නායකත්වය දීපු අයගෙන් කරන පලිගැනීම අවසන් නෑ.කණගාටුවට කාරණය ඒක.අද ඔබට මට නිදහස සමරන්න දායකත්වය දීපු රණවිරුවෝ දහස් ගණනක් තවම ආබාධිතව ජීවත් වෙනවා.ඒ වගේම ඒකට නායකත්වය දීපු නිලධාරීන් අදටත් හිරබත් කනවා.බුද්ධි අංශ නිලධාරීන් හිරබත් කනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ උවමනාව ඉෂ්ඨකරන්න ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.