
(නිමල කොඩිතුවක්කු)
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා හෙට(14) සිට මාසයක කාළයකට තාවකාලිකව වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙලෙස එම කලාප වසා දමන බවද එහි නිලධාරියෙකු සඳහන් කළේය.
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද ඔහු පැවසීය.
සංචාරක ජීප් රථ වැඩි ප්‍රමාණයක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් සමඟ පවතින තත්ත්වය යටතේ වනජීවි නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමේදී අපහසුතා මතුවන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd