
(අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 5ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s RR Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 984.73 ක මුදලකට ( බදු රහිත) එම කොන්ත්‍රාත්තුව පිරිනැමිම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd