( කේ. බුද්ධික කුමාරසිරි)


හෝමාගම දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ ඉඩමක මුදල් ඔට්ටුවට කැට ක්‍රීඩාවේ යෙදුණු ව්‍යාපාරිකයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් ප්‍රජා සේවයේ යොදවන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) දින නියෝග කළාය.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සූදු ක්‍රීඩාවේ නිරත වූ බවට අධිකරණය හමුවේ පිලි ගැනීම නිසාවෙන් නියමිත සිර දඩුවම ලිහිල් කර පැය පණහක කාලයක් ප්‍රජා සේවයේ යෙදවීමට නියෝග කරන බවත් අදාල නියෝගය කඩ කලහොත් මසක සිර දඩුවමද නියම කළාය.

රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබා ගත් ඉඩමක  කාලයක සිට මහා පරිමාණයෙන් මෙම කැට පොල පවත්වාගෙන ගොස් ඇති බවද  වැටලීම සිදුකල අවස්ථාවේදී එහි තිබී රුපියල් ලක්ෂ  පහකට ආසන්න මුදලක් ද හමු වූ බව මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.