
(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර අැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා අැත
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, හෙට දිනයේදි විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇති බවයි.
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත්කෙරැණු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්විය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද විශේෂ කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධා පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එහිදි කාරක සභාව උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd