
(ජනුර් කිචිලාන්)
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස් ජිවිත 9 ක් සහ අලින් 13 ක් රටට අහිමිවි ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා පැවසීය.
පසුගිය සතිය තුළ පමණක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලි පහර දීමෙන් තිදෙනෙක් මියගොස් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
ගල්ගමුව ඇහැටුවැව ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ කොබෙයිගනේ ගුණරතන හිමියන් අලියකුගේ ප්‍රහාරයකින් අපවත් වී ඇත.
ගොවිතැන් කරමින් සිටියදී අඹන්පොල නෙලූම්පත් වැව ග්‍රාම නිළධාරි වසමේ එම්.ආර්. සරත් කුමාර මංචනායක ( අවු 44) සහ ගල්ගමුව නල්ලච්චිය ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි පී. එච්. ගාමිණි (අවු 40) අවිවාහක පුද්ගලයකු මේ අයුරින් වන අලි ප්‍රහාරයට ගොදුරු වීය.
ගොවිතැන් කරමින් ජිවත්වන අහිංසක ගැමියන් මේ අයුරින් මියයාමත් දිනපතා දිවයිනේ කුමන හෝ ස්ථානයකින් අලියකුගේ මළ සිරුරක් හමු වූ බවට වාර්තා වීමත් ඛේදවාචකයක් බව ප්‍රදේශවාසීහු පවසති.
ඔවුහු පෙන්වා දෙන්නේ වර්තමානය වන විට මේ අයුරින් මිනිස් ජීවිත හානි වීමත් අලි ඇතුන්ගේ ජීවිත හානි වීමත් සඳහා මූලික හේතුව වී ඇත්තේ විශාල වශයෙන් වනාන්තර විනාශය බවයි.
අලි ඇතුන්ගේ නිජබිම් අහිමිවීමත්, ආහාර සහ ජලය හිඟවීමත් අලි කොරිඩෝ ජනතාව විසින් අත්පත් කරගෙන වගා කිරීම් ආදී කටයුතු නිසා අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත හා දේපල හානි වීම සිදුවන බවයි.
බවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd