
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් තිහකට ආසන්න පිරිසක් මෑත භාගයේදී එම සේවයෙන් ඉවත්ව වෙනත් රැකියා සඳහා පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
මෙසේ ඉවත්ව ගොස් ඇතැයි පැවසෙන්නේ පාලන, සැපයුම්, මූල්‍ය සහ හැන්සාඩ් යනාදී අංශවල නිලධාරී නිලධාරිනියන් පිරිසකි.
ඉවත්ව ගොස් ඇති වැඩි පිරිසක් උපාධිධාරීහු වෙති.
පසුගිය සතියේදීද නිලධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සේවයෙන් වෙනත් සේවාවන්ට ඉවත්ව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු නිලධාරී නිලධාරිනියන් වැඩි පිරිසක් ඉවත්ව ගොස් ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික අංශය සඳහාය.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉතා කෙටි කාලයකදී මෙතරම් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්ව ගිය පළමු අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව( Leaveencashment) සහ වෙනත් දීමනා සහ වරප්‍රසාද අහිමි වීම සේවය හැර යෑමට ප්‍රධාන හේතුවක්ව තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
සේවක සේවිකාවන් රඳවා ගැනීමට මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි ඔවුහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත නිවාඩු හිලව් දීමනාව නතර කෙරුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් හරක් එකසිය හැටක් දාන මේ ගොම්පාට් බලාගෙන ඔය රස්සාව කරන්න බැරුව ඇති
ඉස්සර කරපු කෙලි දැන් කරන්න බැරි නිසා වෙන්න ඇති.
පැලවත්තෙන් ස්වේච්ඡා සේවකයන් ගෙනත් දායි
දැන් ඉස්සර වගේ රට සවාරි නෑ හොරට ගැහිලි බෑ ඉතින් යන එක අරුමයක් නොවෙයි
හොරාකාල පුරුදුවුන අයට හොරාකන මාර්ග වැහුනම ඒක පුළුවන් තැනකට යනවා. තව පරම්පරා තුනකට විතර පස්සේ දැන් අධ්‍යාපනය පටන්ගත්තොත් වටිනාකම් තියෙන මිනිස්සු හදාගන්න පුළුවන් වෙයි.
මාටිය ගහන්න අමාරු ඇති , ඒකයි රහස
ඉස්සර වගේ හිතුමතේට කන්ඩ රස බොජුන් නැතිවීමත් හේතුවක් වෙන්ඩැ.
ඊට හේතුව නිවාඩු සම්බන්ධ කාරණයක් නොවේ; ඊට හේතුව උපාධිධාරීන්ට අඩු වැටුපක් ලැබීමයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා 2006 වැටුප් චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ලේකම් කාර්යාලය විසින් තවමත් කල් දමා ඇත. මෙයින් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත්තේ උපාධිධාරීන් වන අතර, පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් කාර්යයන් සිදු කරනු ලබන්නේ ද ඔවුන් විසිනි.
සීනි කාපු කාලේ ඉවරයි.