විමුක්ති එස්. රුද්‍රිගු

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 සීමාවේ නොවෙනස්ව පවත්වා ගෙන යාමට රැස්වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බවත් ඒ අනුව තැන්පතු පොලී අනුපාත සහ ණය පොලී අනුපාත ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවතිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) ප්‍රකාශ කළේය.

දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර නැවත වරක් ආරම්භ වී තිබෙන යුද ගැටුම් භාණ්ඩ මිල ඉහළ දමා තිබෙන බව ද මහ බැංකුව ප්‍රකාශ කළේය.

විශේෂයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදනවල මිල මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව පැවැසුවේය.