
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමගම කටුවාන කර්මාන්තපුරයේ ආරක්ෂිත හිස් ආවරණ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පිලිස්සීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ හදුනාගත නොහැකි දේහයන් සදහා ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කර හදුනා ගැනීමට අවසර ලබා දීමට හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද අවසර ලබා දුන්නාය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙනියාය කොලවෙන්ගම මහදඹ රැල්ල කෝදාගොඩ සිටුගේ සහන් උදාර (24), හැටන් මස්කෙලිය කුයින්ටස් ඩිවිසන් වරදරාජ් දමයන්ති (25) කොට්ටාව පන්නිපිටිය අංක 1571/ 41, හොරහේන පාර සිරිමල්වත්ත 02 මාරියෝ එඩ්වඩ් (52), දෙනියාය කොලවෙන්ගම පැලකොස් වත්ත වතුගල ගමගේ දිලිප් මධුසංක (25) සහ අටකලම්පන්න වෙලේකඩේ පාර කවුඩාවාව සචින් දිල්ෂාන් (25) නමැති පස් දෙනෙකි.
ඒ අනුව හෝමගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දේහයන් අතුරින් අධිකරණ වෛද්‍ය නිළධාරීයා ඉදිරිපිට දී ඔවුන්ගේ මාපියන් භාරකරුවන් විසින් මිය ගිය අය පැළද සිටි බඳ පටි, කරාබු, කර මාල ආදියෙන් යම් යම් හදුනා ගැනීම් සිදු කර තිබූණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගින්න අනුරාධපුරේ පන්සලක උනානම් මේ ලමයි DNA නැතුව ඉපදිලා තියෙන්නෙ කියල කියනවා.
මෙවන් අකල් මරණ සිදු නොවේවා! නිවන්සුව අත්වේවා!!
දරු පවුලක් රකින්න රැකියාවකට ගිහින් ජීවිත හානි සිදු වීම කියන්නේ ඉතා කනගාටුදායක සිදුවීමක්. ගිනි ගැනීමට පහසු ද්‍රව්‍ය තිබෙන ස්ථානවල හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඩ්‍රයි පවුඩර් ගිනි නිවන සිලින්ඩර් කිසිදු අවහිරයකින් තොරව පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල අනිවාර්යයෙන්ම සවි කර තිබිය යුතුයි. එසේම එම උපකරණ නිසි ලෙස භාවිත කරන ආකාරය පිළිබඳ සියලු සේවකයන්ට පෙර පුහුණුවක් ලබා දීමෙන්, මෙවැනි අවස්ථාවල සිදුවිය හැකි හානිය යම් තරමකට හෝ අවම කරගත හැකියි.