(අංජුල මහික වීරරත්න)

මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දෙ කරන්න වෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

ඡන්දෙ තියන්න වෙන් කළ රුපියල් කෝටි පන්සීයක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන් වෙන් කරන්නට සිදු වූ බව ටිල්වින් සිල්වා මහතා කීය.

බොහෝ විට වෙන ගැටලු ආවේ නැතොත් ලබන අවුරුද්ද වගේ වන විට පළාත් සභා මැතිවරණය තියාගන්න පුළුවන් වේවි කියා හිතන බවද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

ආණ්ඩුවට ඉන්දියාව පැත්තෙන් කිසිම බලපෑමක් නැතැයිද ඉන්දියාව සහ මාලිමා ආණ්ඩු අතර ඉතා හොඳ සම්බන්ධයක් ඇතැයිද ටිල්වින් සිල්වා මහතා කීය.

ටිල්වින් සිල්වා මහතා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

තෙල් ගේන්න වැයවෙන මුදල් මැද පෙරදිග යුද තත්ත්වය නිසා පස් ගුණයකින් වැඩි වී තිබෙන බව කී ලේකම්වරයා එය අලුත් ප්‍රශ්නයක් බව පැවැසීය.