සිසේරියන් සැත්කම කළ නාරිවේද වෛද්‍යවරයාගේ සහ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ලෙන් තම දරු ප්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැසීයැයි ඊට වන්දි හැටියට රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලා දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් හැටියට නාරිවේද විශේෂඥ වෛද්‍ය සී.වර්ණකුලසූරිය මහතා සහ කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහලක් නම් කරනු ලැබ සිටිති. මෙම පුළුන් කැබැල්ල ඉවත් නොකළහොත් තමන් මරණයට පත්වීමට වුවද හැකියාව තිබූ බව පැමිණිලිකාරිය කියා සිටී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනිත්, මූද හත් ගව්වක් තියා අමුඩ ගහනවා. ජනිත්ගේ හිතේ මේක තමයි ලංකාවේ දොස්තර කෙනෙකුගෙන් වුණ පළවෙනි අතපසුවීම කියලා. රෝහලේ නම දාන්නලු. මේක රෝහලේ වරදක් නොවෙයි, දොස්තරගේ වරදක්. ඇයි දොස්තරගේ නම දාන්න කියන්නේ නැත්තේ. (නි)
කවුරු මෙතන මොන තර්ක කළත් මේ පුළුන් කැබැල්ල හේතුවෙන් ඇයගේ ජීවිතයට තර්ජනයක් වුණා නම් මොකද වෙන්නේ? (නි)
පුළුන් කැබැල්ලක් උදරයට දැම්මා නම් ගෝස්, ටවල් ගණන් කරලා හරියන්නේ නැහැනේ. නේද නිජාල් (නි)
නිජාල්, මේ දොස්තර ඔපරේෂන් එක කරන්න ඇත්තේ බ්‍රේල් ක්‍රමයට වෙන්න ඇති නේද? (නි)
සුමේද, කලබල වෙන්න එපා. අපි බලමු වෙන්නේ මොකක්ද කියලා. අර ටවල් කවුන්ට් එක ගැන කියන්න තියෙන්නේ ඒක විශේෂඥ වෛද්‍ය කෙනෙක් නෙමෙයි, එස් එච් ඕ කෙනෙක්වත් කරන දෙයක් නෙමෙයි. නමුත් අවසාන වගකීම යන්නේ ප්‍රධාන වෛද්‍යවරයාට. හුඟ දෙනෙකුට මේ රෝහලේ නම ගැන ප්‍රශ්න තියන බව පේනවා. (නි)
මෙතන අදහස් දාන අය හරියට කියවලා නොවෙයි අදහස් දාන්නේ. ඇතුළේ තිබුණේ ටවල් නොවෙයි පුළුන් බවත්, දොස්තර මහතාගේ නමත් දෙකම තියෙද්දිත් ඇයි තේරුම් ගන්න බැරි? මේකෙන් පේනවා අපි මොනවාහරි තේරුම් ගන්නේ බාගෙට කියවලා. පේළි 5-6 ක දෙයක් හරියට කියවලා තේරුම් ගන්නේ නැත්නම් දිගට ලියලා තියන ඒවා ගැන මොනවා කතාකරන්නද? (නි)
ඔව්, සාමාන්‍යයෙන් ගෝස්, ටවල්, පුලුන් විතරක් නොවෙයි ගන්න ශල්‍ය උපකරණ පිළිබඳ වගකීම තියෙන්නේ හෙද නිලධාරිනියට. (නි)
මේවා සුළුවෙන් හිතන්න පුළුවන් දේවල් නෙමෙයි (නි)
අපි සයිටම් වලට විරුද්ධ මෙන්න මේ නිසා තමයි. අපිට ඕනෑ මේ වගේ සිදුවීම් අවම කරගන්න මිසක් තව තව වැඩි කරන්න නොවෙයි. අපේ රටේ ජන අනුපාතයට අනුව වෛද්‍යවරු අඩු බව ඇත්ත. එ්කට කරන්න ඕනෑ රජයේ විශ්ව විද්‍යාල වලට කරන බඳවා ගැනීම් වැඩිකරන එක මිසක් පෞද්ගලික ආයතන පිහිටුවලා අධ්‍යාපනය මුදලාලිකරණය කිරීම නොවෙයි. කවුරු කොහොම කිව්වත් මේවා ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ආයතන. (නි)
මම මේ අහන්නමයි හිටියේ. එතකොට මේ ඔපරේෂන් එක කරලා තියෙන්නෙත් සයිටම් එකේ ඉගෙනගත්ත දොස්තර කෙනෙක්ද? (නි)
ඔන්න දොස්තරලගෙ වැඩ. රෝගීන්ට අබ සරණයි. (නි)
සමහර අය සාමාන්‍ය විදියට දරුවා ලැබෙන්න පුළුවන්කම තියෙද්දිත් සිසේරියන් කරනවා. (නි)
මෙම නඩුව දිනිය නොහැකියි. සිදුවූ දෙයින් හානියක් වුවහොත් පමනයි වන්දි ලැබෙන්නේ. හානියක් වීමට ඉඩ තිබුන කියා වන්දි ඉල්ලිය නොහැක. (ර)
කෝ මේ වෛද්‍ය සංගමේ. මේ සයිටම් පාස් අවුට් එක්කෙනෙක් ද.....? කරුණාකරල හොස්පිටල් එකේ නමත් දාන්න. (ර)
ඔය දොස්තරත් සයිටම් ද? (ර)
වෙලාවට පුලුන් කෑල්ලක් වැටුනෙ. කටුවක්, කතුරක් වගේ වැටුනා නම් ... (නි)
ඔන්න, නොදැනුවත්කමට හා මෝඩකමට වෛද්‍ය මාෆියාව වෙනුවෙන් හඬ නඟන අයට තේරෙනවා ඇතිනේ දොස්තර මාෆියාවේ තරම? මව්වරුන්ව හා පවුලේ උදවිය බියවද්දා සිසේරියන් සැත්කම් කිරීම පෞද්ගලික රෝහල් වල දැන් සාමාන්‍ය දෙයක්. අනේ, ඒවා ගැන කතා කතාකරන්න කවුරුවත් නැහැ. (නි)
දොස්තරගේ නම ඇත, . හොස්පිටල් එකේ නම නැත. (අ)
සුමේධ මේ නඩුව දින්නන්න පුළුවන් හානියක් වෙලා නැත්තේ මොකද ? පුළුන් කැබැල්ල ගන්න නැවත සැත්කමක් කරන්න ඕනේ පුළුන් කැබැල්ල ශරීරය තුළ තිබෙනකොට ඕකට ලේ එකතුවෙලා අාසාධනයට ලක් වෙනවා , ඕක ශරීරය ඇතුලේ තිබෙන කොට රෝගියාට වේදනාවක් දැනෙනවා , මේ සියල්ල සලකල බලනකොට රෝගියාට අගතියක් වෙලා , කොටි 10 කෙසේවෙතත් රෝගියාට අවමවශයෙන් රුපියල් ලක්ෂ 50 සිට කෝටියක් අතර වන්දියක් ලැබිය යුතු බව මගේ නිගමනයවේ , ලෝකයේ දියුණු රටවල මෙවැනි නඩුවලින් රෝගියෝ දිනනවා , ලංකාවෙත් පුර වැසි අපේ අයිතිවාසිම් සඳහා අපි සටන් කල යුතුය , හැමදා ම වෛද්‍යවරුන්ට දිනුම දීල හුල්ල හුල්ල ඉන්න බැහැ දොස්තර එක්ක නඩු කියල දින්නන්න බැහැ කියන මතය පැරදිය යුතුය (අ)
මිස් සුමේධ ඔයත් ඩොක්ටර් කෙනෙක් ද එකයි ඔයා ඔහොම කියන්නෙ නේද (අ)
අනේ සුමේධා, ඔබ දන්නා නීතිය! (අ)
ඔපරේශන් එකක ගෝස් ටවල් ගණන් කරන්නේ වෛද්‍යවරයා නෙවෙයි. ඒක කරන්නේ අදාල ශල්‍යකර්මයට සහය වන හෙදියන් විසින්.රජයේ රෝහල් වල ශල්‍යාගාරවල ඔව්න් වයිට් බෝඩ් එකක මාක් කරනවා භාවිතා කළ ටවල් ප්‍රමාණය. සැත්කම අවසන් කරලා මහන්න කලින් වෛද්‍යවරයා අහනවා ටවල් කවුන්ට් එක හරි ද කියලා. හෙදිය ගණන් කරලා භාවිතා කල ටවල් ප්‍රමාණය, ලබා දුන් ටවල් ප්‍රමාණයට සමානයි කියලා පැවසුවම තමයි සම මහලා සැත්කම අවසන් කරන්නේ. දැං මේ නඩු දාන නෝනා කියන්නේ අද ඉඳලා සැත්කම කරන වෛද්‍යවරයා ටවල් ගණන් කරන එකත් කරන්න කියලද?සැත්කම කරන මනුස්සයාට නඩු දාන එක කැකිල්ලේ රජතුමාගේ ජාතියේ තීන්දුවක්. (අ)
මමත් අහන්න හිටියේ අපේ අහිංසක රෝගීන් වෙනුවෙන් උදේ සවස කදුළු හලන වෛද්‍ය සංගමය මාධ්‍ය සාකච්චාවක් තියන් නැද්ද කියල. (අ)
අර කිවුවත් වගේ කතුරක් පිහියක් වගේ දෙයක් දැම්මා නම් මොනවා වෙයිද? (නි)
ඔව් හොස්පිටල් එකේ නම දාන්න, ඇයි ඒක විතරක් නොදාන්නේ?මේ සයිටම් කෙනෙක් නෙමේ තමා. අපි සයිටම් එකට විරුද්ධ දවස ගානේ මේ වගේ ප්රවෘත්ති අහන්න කැමති නැති නිසා.(අ)
මෙවැනි දේවල් ලෝකයේ හැම රෝහලකම වගේ සිදුවෙනෙවා (නි)
මම නම් කියන්නේ මේ වන්දි මුදල ලැබීමට ඇය සුදුසු බවයි (නි)
සුමේධා මේ ශල්‍යකර්මය කළ වෛද්‍ය වරිය කියල මට හිතෙනවා. (අ)
මෙයා විශ්‍රාම ගිය කෙනෙක්.ඇස් පේනවා අඩු ඇති. නමුත් හෙදි සොයුරිය ඒවා ගනන් කර බේරනවානෙ. රෝහලත් වගකිවයුතු ඒකයි. (අ)
කෝ අර දොස්තර නවීන්ගේ ප්‍රමිතිය? (අ)
වෛද්‍යවරුන් දිනකට සැත්කම් ගණනාවක් කරති. ලෙඩුන් දහස් ගණනන් සුව කරති. නමුත් සැමට පෙනෙන්නේ වරදින සැත්කමමය. (නි)
දොස්තරලගේ තියන මාෆියාව නිසා ලංකාවේ මෙහෙම නඩුවක් දිනන්න තියන අවස්ථාව ඉතා අඩුයි. "හා ද?' නැමැත්තා මෙය ඉතාම සැහෙල්ලුවට ගෙන උපහාසත්මකව ලියා ඇති අයුරු ඉතාම කණගාටුදායකයි. මෙහෙම දෙයක් එයාට වුණා නම්...? (නි)
දෙවියනේ! සයිටම් දොස්තර කෙනෙක්ද? (නි)
ඔව්, පුද්ගලික රෝහලේ නමත් දාන්න. හැබැයි, මහත්වරුනි, රජයේ රෝහල්වලත් මෙවැනි දේ කොතෙකුත් සිදුවෙනවා. නමුත්, නඩු කියලා වන්දි ඉල්ලන්න ඉදිරිපත් වෙන්නේ ටික දෙනයි. (නි)
සුමේදා, හා ද, මොනවද ඔයාල දොඩවන්නෙ? මේක ඔයාලට සිදුවුණ දෙයක් නොවන නිසා ඔහොම පටු විදියට හිතනවා. ශල්‍යකර්මයක් කරන්න දොස්තර මහතා බාර ගත්තාට පසු එහි සම්පුර්ණ වගකීම ඔහු අතේ. නර්ස්ලගෙන් උදව් ගැනීම ඔහුගේ වැඩක්. නමුත් නර්ස්ලගෙ රාජකාරිය හරියට කළාද කියලා හොයන එක දොස්තරගෙ වැඩක්. මෙම වැරැද්දෙහි සම්පුර්ණ වගකීම දොස්තර බාරගත යුතුයි. අනිවාර්යෙන් ඔහු වන්දි ගෙවිය යුතුයි. ඒ වගේම දොස්තරට දඬුවමක්ද දියයුතුයි. තමන්ගේ රාජකාරිය හරියට කරන දොස්තරවරු අපේ රටේ ගොඩාක් ඉන්නවා. නමුත් මේ වගේ අයත් ඉන්නවා (නි)
සැත්කම කළ කෙනාට නැතුව කාටද නඩු දාන්නේ? ඔන්න සැත්කම කිරීම සඳහා මේ තැනත්තිය එම රෝහලට රැගෙන ගිය කෙනාට නඩු දැම්මොත් තමා කැකිල්ලෙ නඩු තීන්දුවක් වෙන්නෙ. (නි)
හා.. හා .. නඩු දානවා තියා හිතන්නවත් එපා. මොකද, දොස්තරවරු පමණක්ය වෘත්තිකයෝ, අනිත් අය වහල්ලුය. (නි)
මෙතන අදහස් දමා තියෙන කෙනෙක් පුළුනුයි, ගෝසුයි, ටවලුයි කලවම් කරගෙන (නි)