
(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හැටියට පෙනී සිටි පිරිසක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට පෝස්ටර් අල්ලාගෙන නීතිඥ සංගමය සහ එහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය විවේචනය කිරීම හෙලා දකින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
විරෝධතා කළ යුත්තේ තමන්ගේ නමින් මිස වෙන අයගේ නමක් ආරූඪ කරගෙන නොවේ යැයි කී ජී.එල් පීරිස් මහතා මෙය දේශපාලනය ඉතා පහත් තැනට පත් කරන සෙල්ලමක් බවද කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා:-
අපි ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. අපේ පූර්ණ සහයෝගය තියෙනවා නීතිඥ සංගමය ගෙනියන වැඩපිළිවෙලට.එහි සභාපතිතුමාට, එහි නිලධාරී මණ්ඩලයට වගේම ඔවුන් මේ අවතීර්ණ වෙලා තිබෙන ක්‍රියා පටිපාටියට අප සහයෝගය දක්වනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් දිගින් දිගටම ඉදිරිපත් කෙරෙමින් තිබෙනවා. ඒ සඳහා තව සතියක කාලයක් තියෙනවා. දේශපාලන පක්ෂ, හිටපු මන්ත්‍රීවරු, සිවිල් සමාජ ආයතන, සාමාන්‍ය පුරවැසියන් මේ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජිත සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට උත්සුක වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව වැටිල තියන තැන හිතාගන්න පුළුවන්. රුපියල් දාහට බත් පැකට් එකට කුලී කාරයො ගන්න තත්වෙට ආණ්ඩුව වැටිල.
නීති සංගමේ විපක්ෂයේ බළල් අතනේ රාජීව, ජී.එල්.ගේ ඥාති පුත්‍රයා, ඉතින් නීති සංගමයට සපෝට් දෙන්නේ විපක්ෂයනේ. හිතට අමාරුයිනේ.
ඒ විරෝධතා කරුවන්ගේ අදහස් නිවැරදියි ,
අවුරුදු පහකට පස්සේ ඡන්දෙ ඉල්ලලා බලන්න. දේශපාලනේ ඉඳලත් ජීවිතේට ඡන්දෙ ඉල්ලලා දිනල නැති පොතේ ගුරෙක් ජනමතය ගැනය, සිවිල් සමාජ මතය ගැන කතාකරන එක විහිළුවක්.
ඔය මහැදුරු තුමාට නීතිඥ සංගමයේ සභාපතිත්වය සමඟ තිබෙන සම්බන්ධතාව කියන්න හැකිද?ඔබතුමා ඒ සංගමයේ සාමාජිකයෙක්ද?