
(සුජිත් හේවාජුලිගේ )
තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙයි.
එම ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට හෙට යැවීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
නීති අංශ පවසන්නේ නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හෙයින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට නීතිමය බාධාවක් නැති බවයි.
පාර්ලිමේන්තුව අඟහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය .
එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා
හොරකම්කරපු එකෙක් පාර්ලිමේන්තුවට ගිහින් ඒක කැතකරනවාට බහුතර ජනතාවගේ අප්‍රසාදය.
මැදමුලන චෞර පරම්පරාවේ මංඤං රාජ-පස්ස පවුලෙ හොර අබ්බගාතයා යන සුරතල් නමින් හැඳින්වෙන No-mole, බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට යාමට අවසර ඉල්ලා සිටී. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී, තමන්ට පොලීසියෙන්, CID, FCID ආදී නීති පද්ධති වලින් එල්ලවී ඇති චෝදනා විමර්ශන කටයුතු වලට පිළිතුරු සපයන්න මිනිහා එහි ඒමට තටමනවා කියා බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි....
ඔව් අනිවාර්යයෙන්ම නාමල් පාර්ලිමේන්තුවට ගේන්න මොකද නාමල් තමයි පාර්ලිමේන්තුව හසුරුවන්නෙ ,, හැබැයි පිනට ඇතුලට පැනගත්තෙ,,, රනිල් කලෙත් ඕකමයි හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගා ගෙන දැන් නමට ඉස්සරහින් අටවන විධායක ජනාධිපති කියලා දාගෙන ,,, පව් බලලොබියො