
(අනිල් ගාමිනී විජයරත්න සහ සිසිර නන්දන කැලේගම )
අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටිම සඳහා පැමණි සිවු දරු මවක ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ගෙල කපා මරා දමා ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.
මෙම මිනීමැරුම සම්බන්ධයෙන් ඇගේ නීත්‍යානු කූල සැමියා ඝාතනයට යොදාගත් බව කියන පිහියද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මොරගොල්ලාගම, සියඹලන්ගොමුව ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රදීපාද සිල්වා යන අයයි.
මියගොස් ඇති කාන්තාව දරුවන් හතර දෙනකු අතහැර සැකකරුගෙන් මීට මාස හතකට පමණ පෙර වෙන් වී වැලිකන්ද ,ප්‍රදේශයේ වෙනත් පිරිමියකු සමග පදිංචිව සිට ඇතැයි ද සැකකරුගෙන් නීතියානුකූලව වෙන්වී සිට නැතැයි ද පොලිසිය සඳහන් කරයි.
වෙනත් පුරුෂයකු විසින් සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට මියගිය කාන්තාව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත. එම ස්ථානයට පැමිණි සැකකරු සමග මෙම කාන්තාව බස් වීමක් ඇති කරගෙන තිබේ. පසුව සැකකරු එම ස්ථානයෙන් පිටව ගොස් ගල්ගමුව නගරයේ වෙළඳ සැලකින් පිහියක් මිලදීගෙන එම පිහියෙන් කාන්තාවගේ ගෙල ප්‍රදේශයට හා පපු ප්‍රදේශයට කැපුම් තුවාල සිදුකර මරණය සිදු කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd