අධිකරණයේ නඩු ප්‍රමාණය වැඩි වීම හා නඩු ප්‍රමාධ වීම සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර නොගෙන නඩු පැවරීමට ගාස්තුවක් අය කිරීමට අය වැයෙන් යෝජනා කිරීම කිසි ලෙසකින් අනුමත නොකරන බවත්, මෙය අසාධාරණයක් සිදුවූ පුද්ගලයකු ඊට එරෙහිව අධිකරණයට යෑම අධෛර්යමත් කිරීමට කළ වැඩක් බවත් ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ මේ ගැන වහා මැදිහත්වීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලීමක් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට සහය දෙන අය වුණත් අපිත් මේ තීරණය හෙළා දකිනවා. නඩුවක් කියන්නේ යුක්තිය පසිඳලීමයි. ඒකට දැනටමත් වියදම් වන ප්‍රමාණය හොඳටම වැඩියි. ආණ්ඩුවත් මේක අාදායම් මාර්ගයක් කර ගත්තොත් ඒක ජනතාව නීතියෙන් ඈත් වෙන්න හේතුවක් වෙනවා. මේ යෝජනාව ඉල්ලා අස්කර ගත යුතුමයි. (නි)
නඩු ප්‍රමාද වීම රටේ අද තිබෙන දැවෙන ප්‍රශ්නයක්. නමුත් මෙතක් යහපාලනයත් මේ සඳහා නිසි පියවරක් ගැනීමට අපොහොසත් වෙලා. නීතියේ ප්‍රමාදය අවනීතිය රජකිරීමට ප්‍රධාන හේතුවක්. කාලයක් තිස්සේ ඉඩම් නඩු කියන ගමන් පැමිණිලිකරු මියගිය අවස්ථා අප නොයෙක්විට අසා තිබෙනවා. ස්ත්‍රී දුෂණ අවුරුදු ගණන් යන විට ඔවුන් තවත් අපහසුතා වලට දුකට පත්වෙන අවස්ථා අපි දැක තිබෙනවා. රජය මේක විසඳීමට ඍජු හා වේගවත් පියරවල් ගතයුතුයි. (නි)
යහපාලනයෙන් නම් මීටවඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
අනවශ්‍ය මිනිස්සු වාහන ගන්න එක නැවැත්තුවා වගේ අනවශ්‍ය මිනිස්සු නඩු දාන එකත් නවත්තන්න වගේ හදන්නේ. (නි)
ඊළඟට පොලිසියේ පැමිණිල්ලක් දානකොටත් ගාස්තුවක් අය කරාවි. මිනිස්සු එතකොට පොලිසි නොගිහින් නීතිය අතට ගනීවි. (නි)
“සල්ලි නැත්නම් කටවහගෙන ගෙට වෙලා ඉන්න. අනුන්ට නඩු දාන්න යන්නේ නැතුව“ ඒක නේද මේ කියන්නේ. (නි)
මේ ආණ්ඩුවට දැන් ඕනෑ කරන්නේ මිනිසුන්ගේ බෙල්ල මිරිකලා හරි සල්ලි ගන්න. හැබැයි මෙහෙම ගියොත් තව වැඩිකාලයක් මේ ආණ්ඩුව පවතින්නේ නැහැ. ඕනෑම කෙනකුට ඕනෑමදේක අගය තේරෙන්නේ ඒ දේ නැතිවුණාට පස්සේ තමයි. මේ ආණ්ඩුවටත් එහෙමමයි. බලය ඉක්මනින්ම නැති කරගන්න හදනවා. කොච්චර කාලෙකට පස්සෙද මෙයාලට මේ විදියට බලය ලැබුනේ. මේ සැරේ නැති කරගත්තොත් අයෙත් ඉතින් කවදාවත් මෙයාලට බලයකට එන්න බැහැ. (නි)
අධිකරණයේ නඩුවක් පැවරීමට ගාස්තු අයකිරීම බොහෝ රටවල් වල කරන දෙයක්නේ. (නි)
හැමවිටම අධිකරණයට මුලින් යන්නේ අසාධාරණයක් වුණ පුද්ගලයාම නෙමෙයි. අනුන්ගෙ ඉඩම්/පාරවල් අල්ලාගෙන සිටින අය ඉක්මන් වෙලා බොරු දාලා නඩුවක් දානවා. එහෙම දාලා ඉඩම් නඩුව වසර ගණනක් යනකම් ඉවර නොකර ඇදගෙන යනවා. වයසක කෙනෙකුගෙ දෙයක් නම් මැරෙනකම්ම අදිනවා. ඒ අය බලන්නේ ගොඩින් බේරාගන්නයි. මේ නිසා රජය කළයුත්තේ නඩු ඇදෙනන තියෙන නීතිමය ඉඩකඩ වසන එකයි. විනිසුරුවරුන්ට පුළුවන් බොරුවට කල් ඉල්ලන පාර්ශවයට ඊළඟ නඩු දිනය දෙනකොට ළඟ දිනයක් දෙන්න. එවිට බොරුවට කල්ගැනීම අඩුවෙනවා. (නි)
මෙහි දෙපැත්තක් තියෙනවා. සාධාරණ හේතු මත නඩු පවරන අයට මෙය අසාධාරණයි. නමුත් කිසිම හේතුවක් නැතුව අනෙක් අයව අපහසුතාවයට පත්කිරීමට, ඉඩම් වංචනිකව අල්ලා ගැනිමටත් බොරු නඩු පටළවනවා. ඒ පැත්තෙන් බැලුවාම මේක හොඳයි. නමුත් රජය කළයුත්තේ රටේ සාධාරණ මනුස්සයාට සාධාරණ ලෙස ජිවත්විමට පරිසරයක් නිර්මාණය කිරීමයි. (නි)
විශේෂ (එස්පීඑල්) කියලා නඩු ජාතියක් තියෙනවා. ඒවා ඉඩම්, දික්කසාද, නඩත්තු, මිනීමැරුම් මොනවටවත් අයිති නැහැ. මේවා දාන තරමක් දාන්නේ අනුන්ගෙ ඉඩම්/පාරවල් අල්ලා ගත් අයයි, කාටහරි නඩුදාලා හිරිහැර කරලා සතුටු වෙන අයයි. මේ ගැන පරීක්ෂණ නිබන්ධනයක් කරන්න කියලා මම යෝජනා කරනවා නීතිය හදාරන අයගෙන්. (නි)
මහතත්යෝ, හැමවිටම නඩුවක් දාන්නේ අසාධාරණයට ලක්වුණ කෙනාම නෙමෙයි. අපේ තියෙන නීතියේ හිඩැස් වලින් බොහෝවිට ප්‍රයෝජන ගන්නේ කපටින් මිස සාධාරණ මනුස්සයා නෙමෙයි. (නි)
රට බංකොළොත් වෙනකොට පාරේ යන හිඟන්නාගෙන් හරි බදු අයකර ගන්න ආණ්ඩුවක් පෙළඹෙනවා. ඒ වගේම තමයි දරිද්‍රතාවය හරහා පැනනඟින සමාජ ප්‍රශ්න නිසා ජනතාව වැඩි වැඩියෙන් උසාවි වල පිහිට පතනවා. එතකොට වැඩිවන සංඛ්‍යාව අනුව ආදායමත් වැඩිවෙනවා. මේ අනුව, කොළඹ අවට සැණකෙළි වගේ තිබෙන පන්සල් වලට දිනකට ඇදී එන දහස් ගණනකිනුත් බදු ගන්න ක්‍රමයක් ලැහැස්ති කළහොත් රජයට පුදුම ආදායමක් හොයාගන්න පුළුවන්. බදු ගෙවන්න අකමැති අය බොරු කපුවන් පස්සේ දුවන එකත් නතර කරාවි. ඒකත් සෙතක්. (නි)
මට තියෙන අද්දැකීම අනුව නම් මට නඩු දැම්මේ මාව අපහසුතාවයට පත්කරන්න සහ නඩුව අහනතුරු මගේ දේපොල වංචනිකව භුක්ති විඳින්න බලාගෙන. එය එසේම කරගත්තා. මම කියන්නේ බොරු නඩු සහ බොරු පැමිණිලි බව ඔප්පු වුවහොත් ඒ අයට දඬුවමක් තිබිය යුතුයි. අවෙක් පාර්ශවයට වන්දියක් ගෙවිය යුතුයි. එසේ නැති නිසා තමයි බොරුවට නඩු දාලා මිනිස්සු අපහසුතාවයට පත්කරන්නේ (නි)
පිටරට වල නඩු ගාස්තු හරි ඉහළයි. බොරු නඩු දැම්මොත් හරි නඩුව පැරදුනොත් හරි අනෙක් පාර්ශවයට සෑහෙන මුදලක් ගෙවන්න වෙනවා. ඒ නිසා පිටරට වල හැම එකටම නඩු දාන්න යන්නේ නැහැ. අපේ රටේ එහෙම දෙයක් නැති එකයි කණගාටුව. ඕනෑතරම් බොරු නඩු/බොරු පැමිණිලි දානව. කිසිම දඬුවමක් නැහැ. හැම පැත්තෙන්ම තැලෙන්නේ සාධාරණ මිනිහාමයි. (නි)
අපේ රටේ අඔ ගහෙන් කොළයක් වැටුනත් ගිහින් නඩුවක් දාන අය ඉන්නවා. ඒ තරම් ලේසියි නඩුවක් ගොනු කරන්න. ඇත්ත නැත්ත හොයලා තීන්දුව දෙනකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. බොරු නඩු පැටළෙව්වා කියලා කිසිම දඬුවමක් නැහැ. (නි)
රටේ දික්කසාද නඩු බොහෝවිට ඇදෙන්නේ දේපොළ බෙදාගන්න බැරුවයි. සැමියා බිරිඳ දෙන්නම අද වෙනකොට ස්වාධිනයි. ඒනිසා කිසියම් අයෙකුගේ නමට ඇති දේපොල මුදල් ඒ අයගේ වියයුතුයි. සැමියට බිරිදට සැකයක් ඇත්නම් දේපොල ගන්නකොටම හෝ විවාහ වනවිටම දෙදෙනාගේ නමට සුදුසු පරිදි ලියා ගතයුතුයි නේද? එසේ නොකර දික්කසාද වෙනකොට මට ගේ ඕනෑ, සල්ලි ඕනෑ කියන එක හරි අසාධාරණයි. ඔප්පුව හෝ සල්ලි කාගේ හෝ නමට ඇත්නම් එය ඒ කෙනා සතුවිය යුතු ලෙස නීතිය හැදිය යුතුයි. (නි)
අසාධාරණයට ලක්වෙන දුප්පත් සහ මධ්‍යම පාන්තිකයාට මේ නීතිය අවාසියි. රැකියවේ ස්වභාවය අනුව නඩු ගාස්තුව වෙනස් කළ යුතුයි. (නි)
අපි රටේ තීන්දු තීරණ ගන්නේ විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නෙමෙයි. එහෙම දත්ත ඇත්තෙත් නැහැ. ඒ නිසා නඩු ගැන, නඩු වලට යන කාලය, වැඩිපුර දාන නඩු, බොරුවට දාපු නඩු, කීයක් ඇපිල් ගියාද, ඇපිල් ගොස් දිනුව නඩු මොනවද, වැරදි තීන්දු දුන්න විනිසුරුවරයෝ කවුද, වයසක අයට කොපමණ නඩු දාලා තියෙනවද, එස්පිඑල් නඩු කොච්චර දාලා කොච්චර දිනලා තියෙනවද, නැත්නම් අන්තිමට දිනන්න බැරි බව පේනකොට නඩුව ඉල්ලා අස්කරගෙන තියෙනවද කියන දත්ත තොරතුරු තිබිය යුතුයි. ඒගැන හොයන්නෙ නැතුව කාටහරි හිතෙන විදියට ආර්ථිකය ගැන වුණත්, නීති ක්ෂේත්‍රය ගැන වුණත් තීන්දු ගන්නවා. ඒක වැරදියි. (නි)
පොලිසියේ බොරු පැමිණිලි දානවට දඬුවමක් නැද්ද? බොරු පැමිණිලි ගැන කාටද පැමිණිලි කළයුත්තේ? ලොකුකම් ඇති බලය ඇති අය මේක හරියට කරනවා. අහිංසකයො තැලෙනවා (නි)
අපේ රටේ නඩත්තු නඩු වලට නඩු ගාස්තු අය කරන්නේ නැහැ. ඒනිසාද මන්දා උසාවි වල තියෙන තරමක් ගොඩ ගැහිලා තියෙන්නේ නඩත්තු නඩු වලින්. සමහර මුදල් වලට කෑදර බවලත්තු සැමියා ගෙදර නඩත්තු කළත් දරුවන්ට වියදම් කළත් බිරිදගෙ අතට යහමින් සල්ලි දෙන්නෙ නැති වෙනකොටත් ගිහින් දානවා නඩත්තු නඩුවක්. ඇයි අපේ රටේ දික්කසාද නොවිත් නඩත්තු ඉල්ලන්න පුළුවන් විදියටනේ නීතිය තියෙන්නේ. අන්තිමට දික්කසාද වෙලා තමයි නතර වෙන්නේ. (නි)
සමනලී කියන කතාව හරි. පිටරටවලත් මෙසේයි. මෙහෙම කළොත් දිකකසාද නඩු ඇදීම නම් සෑහෙන අවම කරගත හැකියි. මෙයට කළයුත්තේ මේ ගැන දැනුවත් කිරිමයි. තමාට අවිශ්වාසයක් ඇත්නම් තමාගෙ නමට දේපොල තබා ගන්න. දෙදෙනා එකතුව දේපොල ගන්නවා නම් දෙනොගේ නමට ගන්න. එවිට දික්කසාදයකට ගියත් නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. අද වෙලා තියෙන්නේ සමහරු දික්කසාදය ව්‍යාපාරයක් කරගෙන. තමන් සත පහක් වියදම් කර නැහැ. සැමියාගෙන්මයි යැපිල්ලත් තියෙන්නේ. නමුත් යනකොට කෝටි ගණන් ඉල්ලනවා. (නි)
විශේෂ (එස්පීඑල්) නඩු ගැන නම් අතිවිශේෂ පරික්ෂණයක් පැවැත්විය යුතුමයි. බොරුවට නඩු දානවා. ඇදගෙන යනවා. අන්තිමට පරදින්න ළංවෙනකොට ඉල්ලා අස්කර ගන්නවා. නැත්නම් සමථයකට යෝජනා කරනවා. බොරු නඩු දාලා අනෙක් මනුස්සයට වුණ මුල්‍යමය, කාලය අතින්, හා මානසිකව වුණ හානියට කිසිම තැකිමක් වන්දියක් නැහැ (නි)
අපි හිතාගෙන ඉන්නවා පැමිණිලිකරු කියන්නේ සාධාරණ මනුස්සයෙක් කියලා. නමුත් හැමවිටම ඒක එහෙමම නැහැ. විශේෂයෙන් ඉඩම් නඩු වල. නීතියේ ඇති හිඩැස් වලින් වාසි ගන්න අය බොහෝයි. (නි)
ලංකාදිපයේ අදහස් බැලුවහම තේරෙනවා සාමාන්‍ය ජනතාව කොපමණ බුද්ධිමද්ද, කොපමණ උවමනාවක් තියෙනවද රට, රටේ නීතිය හරියට හදාගන්න කියලා. මේ දැනුම මේ උනන්දුව දේශපාලකයින්ට, නීතිය දන්න අයට නැත්තේ ඇයි? (නි)
මේ ආණ්ඩුව බලයට එන්න කලින්ම අපි දැනගෙන හිටිය මෙයාලට කිසිම වැඩ පිළිවෙලක් නැහැ කියලා. (හේ)
නමට යහපාලනය වුනාට මේ ආණ්ඩුව කරන්නේ අලුගොසු පාලනයක් ,කොහොම හරි දත කන්නේ ජනතවට බරපටවලා ඇමැතිලාගේ වරප්‍රසාද තරකරගන්නයි,ජනතාව අන්ත අසරණවෙලා අද කරකියාගත හැකි දෙයක් නැතිව ලතවෙනවා. මාසේ අන්තිමේට අතට එන සොචච්ම මුදලින් බිල් ටිකයි , කඩේ නයටිකයි ගෙව්වම ,බස් එක යන්නත් රුපියල් 100ක් නැහැ. අයෙත් යන්න වෙනෙන් කියක් හරි නයට ඉල්ලලා ගන්න. මේක තමයි අද වෙලා තියෙන්න.අපිට බත්කන්න වෙන්නේ නැහැ මේ විදිහට ගාස්තු අයකලොත් දිගටම.(හේ)
රැකියවේ ස්වභාවය අනුව නඩු ගාස්තුව වෙනස් කළ යුතුද? අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මහජනයා විසින්ම නඩු අහන තත්වයට රට පත්කරන්න එපා. ඔය තීරණය වෙනස් නොකළොත් දඬුවම් දෙන්නේත් නඩු අහන්නෙත් අපිමයි (නි)
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ (නි)
දැන් ආණ්ඩුවෙන් ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් දඩ නඩු පමණි. ජනතාවට වගකියන නායකයෙක් දකින්නවත් නැහැ. බලාපොරොත්තු රැසක් දීලා බලයට ආවා. දැන් සාක්කුවල සල්ලිත් නැහැ, වාහනත් නැහැ. වහල් දේශයක් වගේ (නි)
දැන් ඉතින් නඩු භාණ්ඩත් උසාවියේදීම අස්ථානගත වෙනවනේ (නි)
මේ යහපාලන සරුව පිත්තල ප්‍රෝඩාව අනුමත කරමින් ඡන්දය දුන් බහුතරයට විඳවන්න කාලයයි (නි)