
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයේ යාචක කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාර වී ඇති බව මහනුවර මුලස්ථාන පොලිසිය කියයි.
එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර සිරිමල්වත්ත ප්‍රදේශයේ ඉපදිංචි ලොතරැයි වෙළෙන්දෙකු බව පොලිසිය කියයි.
ඔහු පොලිසියට පවසා ඇත්තේ එම කාන්තාවගෙන් ණයට ගත් රුපියල් ලක්ෂයක මුදලක් නැවත ඉල්ලා නිරන්තරයෙන් කරදර කිරීම නිසා එම මුදල් ලබාදීම සඳහා අරුප්පොල ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ කැලෑ ප්‍රදේශයකට ගෙන්වාගෙන ඇයගේ ගෙල කපා ඝාතනය කළ බවයි.
ඝාතනය කළ යාචක කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් පොලිසිය හඳුනාගෙන නොමැති අතර ඇය මහනුවර ඔරලෝසු කනුව ආසන්නයේ බස් මගී පර්යන්තය අසල දිවි ගෙවන්නියක ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචකයින් ණය දෙන එකම රට ලංකාව වීම අපට කොයි තරම් ආඩම්බරයක්ද?