මුරලි එකමුතු කුසලාන තරගාවලියේ දෙවනි දිනය වන විට තරගාවලියේ ප‍්‍රබලතම පාසල් කණ්ඩායමක් වන සීනිගම ෆොග් සික්ස් පිලට එරෙහිව ලකුණු 17ක ජයක් ලබා ගැනීමට ති‍්‍රකුණාමලය මඩකලපුව ඒකාබද්ධ කණ්ඩායම සමත් විය. මෙම තරගය කිලිනොච්චි මධ්‍ය මහ විද්‍යාල කී‍්‍රඩාංගනයේදී පැවැත්විණ.
ශී‍්‍ර ලංකා 19 පහළ ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයන් තුන් දෙනෙකු ගෙන් යුත් සීනිගම ෆොග් සික්ස් පිල කඩුලූ 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 132 ක් පමණි. පළමුවෙන් පන්දුවට පහර දුන් ති‍්‍රකුණාමලය මඩකලපුව ඒකාබද්ධ පාසල් පිල ඕවර් විස්සකදී කඩුලූ 8ක් දැවී ලකුණු 149 ලබා ගත්තේය.
මද වේග පන්දු යවන අසේල සම්පත් ඕවරයකදී කඩුලූ තුනක් සහ අවසානයේදී ලකුණු 17 කට කඩුලූ 4ක් හිමි කර ගත් අතර තරගාවලියේ වීරයා ලෙස මුත්තයියා මුරලිදරන්ගේ අත්සන සහිත විශේෂ පන්දුවක් ඔහුට පිරිනැමිණ.
ති‍්‍රකුණාමලය මඩකලපුව ඒකාබද්ධ පාසල් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 8 ට 149 (ඒ ජේ. එම්. රියාස් 23, එස් සංජීව 33, තරිදු නාමල් 14/2, කසුන් තාරක 20/2)
සීනිගම ෆොග් සික්ස් කණුඩායම ඕවර 20 කදී කඩුලූ 9 ට 132 (උදේෂ් පි‍්‍රයංග 33, පබසර වඩුගේ 20, අසේල සම්පත් 17/4)
තරගයේ වීරයා : අසේල සම්පත්
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂයන් තෝරා ගැනීමට හොද අවස්ථාවක්. (නි)
ක්‍රිකට් තරඟ වැඩි කරන්න ඕන.හොඳ ක්‍රීඩකයෝ තෝරා ගන්න ලේසියි.. (ස)