(නිමන්ති රණසිංහ)
නිව්යෝර්ක් නුවර සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ජාලයට ඇතුළු වී තායිවාන බැංකුවකට අයත් ඇමරිකා ඩොලර් මිලියන 2.104 ක් (රුපියල් කෝටි 32ක්) වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ රහස් පොලීසියේ විමර්ශනවලට අවශ්‍ය ශලීල මුණසිංහ යන අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සදහා සහාය නොදී පොලීසය මග හැර සිටින අංක 441/12 බී, 6 වන පටුමග, ඇතුල්කෝට්ටේ ලිපිනයේ පදිංචි ශලීල මුණසිංහ යන අය මත්තල හෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළවලින් විදෙස් ගත වීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහි ඇමරිකානු ඩොලර් 1.103.980ක මුදලක් මෙරට බැංකු ගිණුමකට ගෙන්වා ගෙන වංචා කරන ලදැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ෆෙයාවේල් එපාර්ට්මන්ට්, බුත්ගමුව පාර, රාජගිරිය පදිංචි ජනක චමින්ද නම්මුණී නමැති සැකකරුවකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති සුගත් අමරසිංහ මහතා වෙත පැමිණීලි කර තිබුණේ ලංකා බැංකුවේ පුද්ගලික බැංකු සේවා අංශයේ කළමණාකරු ජගත් අනුරසිරි කුරුප්පු මහතා විසින් ඉකුත් 06 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පිට රට වලින් එන සල්ලි අවාම ඉස්සෙල්ලම කරන්න ඕන ඒවා නීති විරෝදීද නැද්ද කියල බලන එක.නැත්තම් ලංකාවට සල්ලි එන එක නවතීවි. ප්‍රස්නේ තියෙන්නේ රටේ ඇතුලේ සල්ලි හොරකන් කරපු අය නිදැල්ලේ. බැදුම් කර මගඩියෙන් රටට නැතිවෙච්ච් ට්‍රිලියන් ගණන් අපහු ලබා ගන්නේ කොහොමද.?
අනේ අපරාදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාලය. අර නෝනව බොහොම අමාරුවෙන් ගෙන්න ගෙන නඩු දාන්න හැදුවට මොකද නීතිපතිට එක සුලුදෙයක්. අර රාජ් රාජරත්නම් එක්ක එකතුවෙලා එක්තරා හිටපු ලොක්කෙක් මුදල් විශුද්ධිකරණ පනත කැඩුවට නඩු දාන්නේ නැහැ වගේ තමයි, මේකත් විසිවෙලා යයි.