IMG-LOGO

තණ්හාවේ අරමුණු භවයකට හේතුවයි

(තුන්වන කොටස)

‘තණ්හා පච්චයා භවෝ‘ යන මාතෘකාවෙන් මීට පෙර පෝය දිනයන් දෙකකදී ලිපි දෙකක් ඉදිරිපත් කළෙමි. පළමු ලිපියේ ස`දහන් කලේ තණ්හාව කුමක්ද ? හටගන්නේ කෙසේද යන්නය. දෙවැනි ලිපියේදී ඉදිරිපත් කලේ නිවන් පතා ගමන් ගන්නා ආර්ය ශ‍්‍රාවකයා අණුගමනය කළ යුතු ශීල, සමාධි, ප‍්‍රඥා වන ත‍්‍රිශික්ෂාවන්ගේ ශීල ශික්ෂාව වඩන ආකාරයයි. දෙවැනි ලිපියට ප‍්‍රතිචාර වශයෙන් මා දැක්කේ මාතෘකාව මුල් කරගෙන අදහස් කීපයක්ය. මෙම ලිපිපෙල පටිච්ච සමුප්පාදය පිලිවෙලින් හදුන්වාදීමක් නොව. ‘පච්චයා’ යන තේරුම ඒ හේතුවෙන් (අරමුණුකොට) යන නිසා මාතෘකාව කෙටි කිරීමට ‘තණ්හා පච්චය භවෝ‘ කියා යෙදූ බවයි. තවද නිවන යනු සතෙක් පුද්ගලයෙක් නොමැති වීමයි. දෙවියෙක් හෝ උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබිම නිවන යන වචනයට විරුද්ධය. මේ ලිපිපෙල ඉඩෝරයට වැසි බිදක් මිස දාරානිපාත වර්ෂාවක් නොවේය. වර්ෂාව පිළිබද අදහසක් ඇති කර ගැනීම උදෙසා බුදු දහමක් ඇත යන්න දැනුම් දීමටය. එවිට ඒ පිලිබද කැමැත්තක් දක්වන කෙනා ඒ සත්‍ය සෙවීමට නැඹුරු කිරීමක් මිස අඩුවක් නොමැතිව බුදු දහම පිලිබද දන්නා අයට උපදෙස් දීමක් නොවන බව සැදැහැසිතින් ප‍්‍රකාශ කරමි.

පින්වතුනි, ඉපදීම දුකක්ය ඉපදී විදින සැප දුක දෙකම දුකක්ය. සංසාර ගමන නොනැවතී පැවතීමේදී සතුට ස`දහා යහපත් ලෙස ජීවත්වුහොත් යහපත් සංසාරයක් (දිව්‍ය, මනුෂ්‍ය) ද සතුට සඳහා අයහපත් ලෙස ජීවත් වුනොත් නරක සංසාරයක් (අවීචි මහා නරකාදිය) ද සිදුවේ. බෞද්ධකම තුල ඇත්තේ මේ යහපත් අයහපත් සංසාර දෙකේම උපතක් නොලැබිමයි. නැවත උපතක් නොලැබීම නිර්වාන සුවයයි. මෙම ලිපිපෙල අරමුණු කොට ඇත්තේ එම නිවන් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ලැබෙන ශීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවන් කෙටියෙන් පැහැදිලි කිරීමය. පෙර ලිපියේ ස`දහන් වූයේ ශීල ශික්ෂාව පිළිබ`දවයි. මෙවර මා පැහැදිලි කරන්නේ සමාධි ශික්ෂාවට පැමිණීමට වායාම සති සමාධි සම්මා කර ගන්නා ආකාරයයි.

පින්වතුනි, වායාම යනු උත්සාහයයි. සතිය යනු සිහිකල්පනාවයි. සමාධිය යනු සිතෙහි එක`ග බවයි. සංසාරය පවත්වාගෙන යාමට මේ කරුණු තුන අත්‍යවශ්‍යයි. සතෙකුට උවත් එසේමයි. කොටියෙක් ගොදුරකට පැනීමට හොඳ උත්සාහයක් ගන්නවා ඒ ගොදුර ගැන හොඳ සිහියෙන් ඉන්නවා නොසෙල්වී අවස්ථාව එනකම් කොටිසිත එකඅරමුණක තියාගෙන ඉන්නවා ඒකත් වායාම සති සමාධියක් හැබැයි අයහපත්, වායාමයත් අයපහත් සතියත් අයහපත් සමාධියත් මය. නමුත් සිතීමට මොලයක් තිබෙන මනුෂ්‍යයන්ගෙන් යහපත් අයහපත් කරුණු දෙකම උත්සහයටත් සිහියටත් එක`ග බවටත් යොදන බව දැන ගන්න, එදිනෙදා ජීවිතය යහපත් ලෙස ගෙනයාමට ගන්නා උත්සාහය සිහිකල්පනාව සිතෙහි එක`ගබව ඊලග භවය යහපත් දිව්‍ය හෝ උතුම් මනුෂ්‍යයෙක් වීමට හේතුවෙයි. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය මනස පින වීමට ගන්නා අයපහත් උත්සාහය සිහිකල්පනාව සිතෙහි එක`ග බව ඊලග භවය අමුනුෂ්‍ය පේ‍්‍රත තිරිසන් නිරයේ දුක්විදින ආත්ම විමට හේතුවයි. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල සම්මා වායාම නොවී සම්මා සතිනොවී සම්මා සමාධිනොවී තිබීමෙන් සිදුවන දෙය දුකක් නොවේද, ජීවත් වීමට ගන්නා වායාම සති සමාධි යහපත් වුවත් අයහපත් වුවත්හොඳ නරක අනුව ඉපදීමක්මයි. එම නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මෙම සමාධි ශික්ෂාව වැඩෙන වායාම සති සමාධි යහපතක් අයහපතක් නැතිව සම්මා වන ආකාරය දැනගනිමු.

පින්වතුනි, සම්මා වායාමය කියන්නේ සතර සම්‍යක් ප‍්‍රධන් විර්යයි. එයනම් 1. උපන් අකුසල් නැති කිරීමේ වීර්යය, 2. නූපන් අකුසල් නූපදවීමේ වීර්යය, 3. නූපන් කුසල් ඉපදවීමේ වීර්ය, 4. උපන් කුසල් වැඩි දියුණු කිරීමේ වීර්යය යන්නය. මෙය සිදු කරන්නේ සිත සමථයකට හෙවත් සමාධියකට පත්වන සමථ භාවනාවකිනුයි. මෙය පල්වෙච්ච ගඳගහන කුණු කන්දක් මනුෂ්‍ය ජීවිතයට හානියක් නිසා කුණු ගෙනත් දාන්න දෙන්නේ නෑ උද්ඝෝෂණය කරනවා. නූපන් අකුසල් නූපදවීමේ විර්යය කීවේ එයයි. තියෙන කුණු භාවනාවෙන් ඉවත් කරනවා එවිට උපන් අකුසල් නැති කරනවා. හැබැයි මෙය ලේසියෙන් කරන්න බෑ පතාලයෝ කප්පම් අරන් තමයි මේ කුනු කොන්තරාතුවේ වැඬේ කරන්නේ ඒ පතාලයෝ තමයි. පංචනීවණ, සිත සමථයකට පත්වීමට එකම බාධකය පංච නීවරණයි. එයනම් කාමච්ජන්දය (ආශාව*, ව්‍යාපාදය (තරහා*, ථීන මිද්ධය (අලසකම* උද්ධච්ච කුක්කුච්ච (සිත නොහික්මුණු විසිරීම්ස්වභාවය*, විචිකිච්චා (සැකය* යන්නයි. සතර සම්‍යක් ප‍්‍රධන් විර්්‍ය තුලින් සමථ භාවනාවක් උපයෝගී කරගෙන සිදුකරන්නේ පංච නීවරණ යටපත් කිරීමයි. පංචනීවරණ යටපත් වූවා කියන්නේ අකුසල් දුරු වූවා යන්නය. අකුසල් දුරු වූ තැන කුසල් ලංවීම ස්වභාවයෙන්ම වෙන දෙයක්ය.  ඕනෑම සිතක හොද හෝ නරක තිබිය යුතුය. `ගදක් නැති, සුව`දක් නැති තැන් අඩුය. ගද හෝ සුවද තිබිය යුතුය. කුසලය යනු කෞශල්යයි හැකියාවයි. කුසල් හෝ අකුසල්, සිතක් තුල තිබිය යුතුය. අකුසලය ඉවත් වූ විට කුසලය ලැබෙනවා කීවේ එනිසාය. කුණු කන්ද ඉවත්කල විට කුණු ගෙනත් දාන අයම එතන පිරිසිදු කොට මල් වගාවක් කරන්නා සේය.

පින්වතුනි, අපි බලමු සමථ භාවනාවකින් වායාමය සම්මා කරගන්නේ කෙසේද කියා. භාවනාවකට සුදුසු පරිසරයක පන්සිල් සමාදන් වී ආනාපාන සති භාවනාව වැඞීමට පැයක හෝ පැය භාගයක වේලාවක් අපහසුවකින් තොරව ඉදගෙන සිටීමට හැකි ආකාරයට සූදානම් වෙන්න. පලමුව ඇස්පියාගෙන මාගේ මේ ආත්මය ත‍්‍රිවිධ රත්නයට පූජා කරමියි කියා තුන්වරක් සිතන්න. ඉන්පසුව තමන් ඉ`දගෙන සිටින ශරීරය දිහා හිස සිට පහලටත්, පහලසිට ඉහලටත් බලා ශරීරය දෙස බලාගෙන ඉන්න. මෙසේ ඉන්න ඔබට හුස්ම නිසා ශරීරයට සිදුවන දේ දැනේවි. ඉන්පසුව හුස්ම ඉහලට ගන්නා ආකාරයක් පහලට හෙලන ආකාරයත් බලාගෙන ඉන්න ඉහලට ගන්නාවිට ආශ්වාස කියාද, පහලට හෙලන විට ප‍්‍රාශ්වාස කියා හිතන්න. සිතකින් කල හැක්කේ වැඩ දෙකයි. දැනීමයි, දැනෙන දේ දැන ගන්නා එකයි. විතක්ක සහ විචාර යනු එයයි. මේ ක‍්‍රියා වල්දෙකම හුස්ම ගැනීම සහ හෙලීම බැලීමට යොදන්න. මෙසේ සිත මේ ක‍්‍රියාවලියෙන් පිට පැනීමට නොදී දිගටම කරගෙන යන කොට සිතෙහි තියෙන අකුසල් නැතිවෙනවා. සිතේ දුවන ගතිය නැති වෙනවා. සිතට ජරාව ඇතු`ඵ වෙන දොරටු වහලා, හැබැයි පිට පැන්න ගමන් ගේට්ටු ඉබේ ඇරෙනවා. එළියෙ තියෙන කුණු ඇතුලට එනවා තමන් කුමන හෝ ඇලෙන තැනකට සිත පනිනවා. නූපන් අකුසල් භාවනාව වෙනස්වීම තුලින් එක් රැුස්වෙනවා. එවිට කල යුත්තේ සිත පිට ගොස් අල්වා ගත් ඇලූණු බැදුනු කරුණට අරමුණු ගන්නේ නැතිව එය අතහැර නැවත හුස්ම දෙස බලාගෙන සිටීමයි. මෙසේ නොනවත්වා වීර්යයෙන් සිදුකරන විට සිත ධ්‍යාන තත්වයට පත්වෙනවා ධ්‍යානය යනු සිත භාවනාවේදී පත්වන අස්ථාවයි.  පලමු ධ්‍යානය යනු සිත විතක්ක විචාර, ප‍්‍රීති, සුඛ, ඒකාග‍්‍රතා තුල තැන්පත් වීමයි. දෙවෙනි ධ්‍යානයේදී විතක්ක විචාර නැතිවෙනවා. හුස්ම දෙස බලාගෙන නෑ නමුත් හුස්ම ගන්නවා දැනෙනවා, ප‍්‍රතිචාර නෑ එවිට ශරීරය ප‍්‍රීතියටත් සතුටටත් ඒකාග‍්‍රතාවයටත් පත්වෙනවා. තුන්වෙනි ධ්‍යානයේදී සිතේ ප‍්‍රිතියද නැතිවෙනවා. සතුටට සහ ඒකාගග‍්‍රතාවයට පත්වෙනවා. හුස්ම දැනෙනවා, අරමුණු නෑ කයේ සතුට සහ සිතේ එක`ගබව විදිමින් ඉන්නවා හතරවන ධ්‍යානයේදී සතුටත් ඉවත් වෙනවා සිත ඒකග්ග‍්‍රතාවයට පත්වෙනවා. හුස්ම ගන්නවා නමුත් ඒ ආශ්වාසද ප‍්‍රාශ්වාසද ඉහලට ගන්නවාද හෙලනවාද වෙන්ව දැනෙන්නේ නැති වෙනවා. මේ අවස්ථාව ‘‘පසම්භයං කාය සංස්ඛාර’’ වෙනවා. පසම්භයං කාය සංස්ඛාර යනු කයේ ක‍්‍රියාකාරිත්වය සංසිදෙන අවස්ථාවයි. තුන්වන ධ්‍යානය වන විට කයට දැනෙන සතුට නිසා සිත කායානුපස්සනාවට හැරීමේ හේතුවෙන් සතියද සම්මා වෙනවා. සිත සම්මා වෙන්නේ විපස්සනාවෙන්ය. වායාම සම්මා කරගැනීමට සිත අවශ්‍යය. වායායාම සිහිකල්පනාවත් සමග යාම හේතුවෙන් කයට දැනෙන සතුට ඒකාගග‍්‍රතාවය භුක්ති විදින විට සිතද සම්මා වෙනවා. ‘‘පසම්භයං කාය සංඛාර’’ අවස්ථාව උදාවී සිත සමාධියට පැමිණිමෙන් ‘‘සමාධි ශික්ෂාව’’ සම්පූර්ණ වෙනවා.

සමථ භාවනාවේදී විශේෂයෙන් මතකතියා ගත යුත්තේ පංච නීවරණ සම්බන්ධවයි. වෙනත් අරමුණකට නොයා භාවනාව දිගටම කරගෙන යනකොට නිදිමත ඒම හොද අවස්ථාවක්, හොද අවස්ථාවක් කීවේ බිත්තියට හේත්තුවෙලා ගොරෝ ගොරෝ නිදන්න නොවේ. නිදිමත එන්නේ පංචනීවරණ වලින් හතරක් යටපත් වුනාම බව දැනගන්න කාමච්චන්දය ව්‍යාපාදය උද්ධච්චකුක්කුච්ච, විචිකිච්චා යටපත් උනාමයි. ථිනමිද්ධය ක‍්‍රියාවේ යෙදෙන්නේ පෙර කිවූ නීවරණ ධර්ම හතර ක‍්‍රියාවේ තිබෙනකම් නිදිමත එන්නේ නෑ. ඔබට ආශාවක් තරහක් නොහික්මුණ ස්වභාවයක් සැකයක් ආවොත් නිදිමත එනවාද, එනිසා ථිනමිද්ධ අවස්ථාව භාවනාවේ හොද අවස්ථාවක්, නිදාගැනීමට නොව නිදිමත අලසකම ගණන් නොගෙන භාවනාව දිගටම කරගෙන යාමටය ප‍්‍රධන් වීර්යය අවශ්‍ය වන්නේ මෙවැනි අවස්ථාවටයි. මෙසේ භාවනාව බහුලීකත කිරීමෙන් සිතෙහි ඇති පංචනීවරණ යටපත් වී සිත සමාධිගතවන බව කිව යුතුය. එනිසා මා කියූ භාවනා ක‍්‍රමය නිවැරදිද කියා බැලීමට කරබලන්න නිවැරදි නම් දිගටම කරන්න. වැරදි නම් වැරදුන තැන මේ ගැන දන්නා මාගේ ගුරු ස්වාමීන් වහන්සේගේ ‘‘මැදමාවත’’ යු ටියුබ් අන්තර් ජාලයෙන් දැනගන්න. සමාධි ශික්ෂාව ඉතාම කෙටියෙන් මෙසේ නිමාකර ලබන අවුරුද්දේ අවසාන පොහොය දින ප‍්‍රඥාව වැඩෙන ආකාරය විස්තර කරන තෙක් ශීල ශික්ෂාවේදීත් සමාධිශික්ෂා වේදීත් කියා දුන් දෙය සත්‍ය ඥාණයෙන් දැක කෘත්‍ය ඥාණය යොදවා ක‍්‍රියාකර කෘතක් ඥාණය හෙවත්, අවබෝධකරගෙන පිළිපදින මෙන් ඉල්ලා සිටිමින් නවතිමි.

 

තෙරුවන් සරණයි

මෙයට,

ශාසනා ලැදි

සෝමතිලක හෙට්ටිආරච්චි

 

                                                            



අදහස් (0)

තණ්හාවේ අරමුණු භවයකට හේතුවයි

ගුණසිරි Monday, 14 November 2016 07:28 AM

පින්වත් මහත්තයා සෘජු ප්‍රශ්නයක් එල්ල කලොත් එයට අකමැතිද ? ඔබතුමා මග පල නිවන් ශාක්ෂාත් කර නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානයක් නොමැති බැවින් බුදු දහම නොදනී. තණ්හා පච්චය භවෝ නෙමෙයි,ඔබතුමාට ඕන ඕන විදියට බුදුන්ගේ වචනය වෙනස් කරන්න එපා එය වැරදියි . (හේ)

:       0       0

නයනා Monday, 14 November 2016 09:02 AM

ඉතාමත් වටිනා ලිපියක්. ඔබට තෙරුවන් සරණයි (බ)

:       0       0

පහන් Monday, 14 November 2016 09:20 AM

හේතු සම්පත් සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය යනු කවරේද? කවර ආර්ය වූ සම්මා සමධියක්ද..? සම්මා දිෂ්ටි ,සම්මා සංල්කල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම,සම්මා සති යන අංග 7 න් සමන්විත වූ ච්ත්ත ඒකාග්‍ර තාවයක් ඇද්ද .එය ආර්ය වූ සම්මා සමාධිය වේ. මෙකරුනෙහි ල සම්මා දිෂ්ටිය මුල්ම අංගය වේ. (බ)

:       0       0

ටිරෝන් Tuesday, 15 November 2016 06:41 AM

හොඳ වැදගත් ප්‍රවෘත්තියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 496 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site