(රංජන් කස්තුරි)
රටපුරා ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිර යමින් තිබෙන අතර මේ වන විට එම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවද මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ දිවයිනේ විවිධ පළෘත් වලින් ඩෙංගු උණ රෝගීන් 80,000කට අධික සංඛ්‍යාවක් හමු වී තිබෙන බවද එය මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ කියයි.
කොළඹ, ගම්පහ,කළුතර, මාතර මහනුවර, කෑගල්ල,පුත්තලම ආදී දිස්ත්‍රික්ක ගණනාවකට තවදුටත් ඩෙංගු උණ තදින් පැතර යමින් තිබෙන බවද සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව වෙත වහා දැන්විය යුතු කරුණක් ඇත. එනම් ඩෙංගු වැලඳෙන්නේ ඩෙංගු මදුරුවෙකු විසින් ඩෙංගු වැලඳුනු පුද්ගලයෙකුට දශ්ඨ කර නැවත නිරෝගී පුද්ගලයෙකුට දෂ්ඨ කිරීමෙනි. ඩෙංගු වැලඳුනු පුද්ගලයෙකු නොමැති නම් කොපමණ ඩෙංගු මදුරුවන් සිටියද ඩෙංගු පැතිර යාමක් සිදුනොවේ. දැන් සිදුවන්නේ රෝහල් වල ඇති තදබදය නිසා ඩෙංගු වයිරසය සිරුරෙන් තුරන් වීමට ප්‍රථමයෙන් ඩෙංගු රෝගියා නිවසට යෑමයි එවිට. ඩෙංගු ගෙදර අනික් අයටද වැලඳීමේ ප්‍රවණතාව ඉහල යයි. මේ දිනවල සිදුවන්නේ එයයි. මෙය පහසුවෙන් වලක්වා ගත හැකිය. එනම් ඩෙංගු වැලඳී මඳක් සුව වන විටම ගෙදර යන අය තව දවස් දහයක් පමණ හැකි උපරිමයෙන් මදුරු දැලක් තුලම සිටීමයි. එවිට එම රොගියාගේ සිරුරට මදුරුවන් විද ගෙදර අනික් අයට විදීම අඩුවේ. එවිට මෙම වසංගතය පැතිර යාම අඩු කල හැක. ආණ්ඩුව විසින් කල යුත්තේ මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට වැය කිරීමට තිබෙන මිනිස්සුන්ගේ මුදල් දඩ ගසා මිනිසුන්ට යන එන මන් නැති කිරීම නොව, සෞඛ්‍ය අංශ හරහා මෙම කාරණය දැනුවත් කරන අතර ඉස්පිරිතාලයෙන් ටිකට් කපන සෑම දෙනාටම උපදෙස් පත්‍රිකාවක් දීමත් දුප්පත් අයට හැකිනම් මදුරු දැලක් දීමත්ය... යන්න මගේ හැඟීමයි ....
බයවෙන්න එපා.. ළඟදීම අපි එක ලෙඩේට එක බැගින් රෝහල් හදනවා. එතකොට ඔය ප්‍රශ්නේ මඟහැරිලා යාවි....
කමල්ගේ අදහස් සමග එකඟ වෙමි. තවද මදුරු විකර්ශන ආලේප වර්ග භාවිතය සහ දිගට ඇදුම් ඇඳීම මගිනුත් මදුරු දෂ්ටනයෙන් බේරී සිටීමට පුළුවන්. ඒ වගේම දහස්පෙතියා වැනි මදුරු විකර්ශන පැළෑටි වර්ග ගෙවත්ත පුරා සිටුවීමත් හොඳයි. මට හිතෙන ආකාරයට ඩෙංගු පිළිබඳව අපේ රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ.
තාමත් අපේ සෞඛ්‍ය අංශ සහ දොස්තරලා නිදි. මේ අයට ස්ට්‍රයික් කරනවට වැඩිදෙයක් නැහැනේ. මේ තමයි ලංකාවත්, සෝමාලියාවක් වීමේ ආරම්භය. උදාහරණයට ගතයුතු රටවල් තිබෙනවා. එම රටවල නායකයින්ගේ කැපවීමෙන් ඩෙංගු රෝගය තුරන් කළා. නමුත් අපේ රටේ වෙන්නේ හැමකෙනාම මුදල් පසුපස හඹා යාමයි. අඩුගණනේ දින කීපයක් රජයේ ආයතන, පුද්ගලික ආයතන සියල්ලේ වැඩ නවතා ඩෙංගු කීටයන් ඇතිවන ස්ථාන විනාශ කර දමන්නේ නම් ඉතා අගනා වැඩකි. මෙය කිහිපදෙනෙකුට කළහැක්කක් නොවේ. මුළු ජාතියක් ලෙස සැවොම එකමුතුමුව රාජ්‍ය සහ සෞඛ්‍ය අංශවල මූලිකත්වයෙන් කලයුතු දෙයකි. ධනවතුන්ට මෙහිදීත් ගැටළුවක් නොමැත. හේතුව නම් ඔවුන් ඉන්නේ සීතල කාමර වල නිසාවෙනි. නමුත් ඩෙංගු වලින් පිඩා විඳින්නේ නැවතත් අහිංසක ජනතාවමය. මහ නගරසභා වල කුණු ගෙනයන රථ එන්නේ නැති තරම්ය. නමුත් එන දවසට ඔවුන්ට මුදල් දෙන අයගේ පමණක් කුණු ගෙනයති. කුණු ප්‍රශ්නයද විසඳුමක් නැති නිසා ඩෙංගු කීටයන්ට තෝතැන්නක් වී ඇත. කුණු සහ ඩෙංගු සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය විනාශකාරි අවධියකට පැමිණ ඇත.
රජයේ මැදිහත්වීම තිබෙන්නේ ජනතාවට දඩ ගසා මුදල් ඉපැයීම පමණි.
කමක් නැහැ. ප්‍රතිශතය අඩුවෙලා රට දියුණු වෙලානේ.
මේ තනියම රජයකට පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. මහජනතාවගේ අවබෝධය, සහයෝගය සහ කැපකිරීම අවශ්‍යයි. දිසානායක , ප්‍රදීප්, කමල් වගේ අයගේ අදහස් වටිනවා. අපේ රටේ කී දෙනාද පාරේ කාණුවක් ලොකුකරනකොට කැමැත්තෙන් ඉඩමෙන් පොඩි ඉඩක් දෙන්නේ. වන්දි ඉල්ලනවා අවසානයේ සියල්ල අවුරුදු ගණන් ප්‍රමාද වෙනවා. මහා ඉඩ කඩම් තණ්හාවකින් තියාගෙන ඉන්නේ, පිට කෙනෙක් පාරට වවන ගසක් කැපුවොත් මරාගන්න එනවා. තම තමන්ගේ වතුපිටි සුද්ද කරගන්නේ නැහැ. ඉතාම ආත්මාර්ථකාමී ජනතාවක් ඉන්නේ, තමන්ගේ කුණු කසල ප්‍රතිචක්‍රීකරණය හෝ කරගන්න තමන්ම ක්‍රමවේද හදාගන්නේ නැහැ. ඕන තරම අන්තර්ජාලයෙන් අවශ්‍ය දැනුම ගන්න පුළුවන්. මේ වසංගතය රටේ ජනතාවගේ ආකල්ප වල වැරැද්දක් තමයි.
මැයි මස 16 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ ම ඩෙංගු කාර්ය සාධන බළකාය කැඳවීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති මේ රැස්වීම සඳහා පාර්ශ්ව ගණනාවක් සහභාගි වී සිටිනු පෙනිණ. එහිදී ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් නැවත සිහිපත් කිරීම වටී. 1. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සතියකට පැයක කාලයක් පිරිසිදු කිරීම්වල යෙදීම. 2. මහා පරිමාණ ඉදිකිරීම් ස්ථානවල ජලය එක් රැස් වී තිබීමට එරෙහිව නීතිමය පියවර ගැනීම. 3. මදුරු කීටයන් මර්ධනය සඳහා යොදා ගන්නා බී.ටී.අයි. බැක්ටීරියාව පුළුල්ව භාවිත කිරීම සඳහා අදාළ සමාගම් සමඟ කටයුතු කිරීම. 4. මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ පුළුල් සොයා බැලීමක් කරමින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම. 5. පරිසර පොලීසිය කාර්යක්ෂම කිරීම. 6. රාගම හා කළුබෝවිල රෝහල්වල නේවාසික රෝගීන් සඳහා ඉඩ පහසුකම් පුළුල් කිරීම. ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත් වෙමින් ඩෙංගු මර්ධන කාර්යයට අත ගැසුවේ ඩෙංගු මර්ධන කාර්ය සාධන බළකායක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වීමෙන් වුව ද අපේක්ෂිත පරමාර්ථ ඉටු නොවීම හේතුවෙනි.