
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පඩි වැඩි කිරීම් සිදුකර තිබියදී රෝගීන් අසීරුතාවයට පත්වන අන්දමින් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
වෛද්‍යවරුන්ට වැඩ කිරීමට පහසු වාතාවරණයක් ඇතිකර තිබෙනවා. ඒ අයට අපේ ආර්ථිකයට සාපේක්ෂව වැඩි වැටුප් ලබාදීමට කටයුතු කරනවා.
දින පනහකට කලින් අපි දැවැන්ත ආපදාවකට මුහුණ දුන්නා. ලෝක බැංකුව කියන විදිහට රුපියල් කෝටි 120000ක හානියක් සිද්ධ වෙලා සිද්ධ වෙලා තියෙනවා. එහෙම උනා කියලා අපි කිසිම වැටුපක් අමතර දීමනාවක් කපන්න කටයුතු කරලා නැහැ. ඒවා එලෙසම ලබාදෙනවා. වෛද්‍යවරුන්ගේ ඉඳලා හැමදෙනාටම වැටුප් වැඩිවීම ජනවාරි ඉඳලා ලබාදීලා තියෙනවා. වෛද්‍යවරුන් තැන් කිහිපයක වැඩ වර්ජන ක්‍රියාත්මක කළා. දෙහිඅත්තකණ්ඩිය රෝහල වර්ජනයක් නිසා අඩාල වුණා. හේතුව වෛද්‍යවරුන්ගේ මාරුවීමක්. මාරු කරලා තිබුනේ දිගු කාලයක් එක තැන වැඩ කරපු වෛද්‍යවරයෙක්. 2007 ඉඳලා 2025 වෙනකම් අවුරුදු 18ක් එකම තැන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා අපගේ බදුවලින් ඉගෙනගෙන දැන් අපිටම කෙලිනවා.. අන්ඩුව මේවගේ රැකියා අත්‍යාවශ්‍ය සේවා කරන්න. දොස්තරලාට මොලය නැති නිසා අන්ඩුව මේ ගැන තීරණයක් ගන්න.
මට මතක් වුනේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයකට මුහුණදීලා හිටපු ගිය ආණ්ඩුව යන්තම් එකෙන් ගොඩ එද්දී අධ්‍යාපනේට 6% ඕන කියලා වර්ජනය කරපු උදවියක් ගැන. දැන් වගේ වගක් නැතිව යසට ඉන්නවා. වර්ජන අසාධාරණයි කියලත් කියන එක තමා ලොකුම විහිලුව.
2024 ට පෙර තිබුණු ආණ්ඩු පාලනය කරද්දී නම් වෛද්‍ය වර්ජනය පමණක් නොවෙයි සියලුම වර්ජන හරිම සාධාරණයි කියලා ඔහේලා කිව්වේ නැද්ද වත්මන් විපක්ෂයේ සම්බන්ධයත් නැතුව කරද්දි තමයි අසාධාරනයක් වෙන්නේ...
මේ වගේ දේවල්වලට වර්ජනය කරන කාලකණ්ණි දොස්තරලා වෙන්නේම හම්බ කරන්න...
කරන කලට පව් මීරිය මීසේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...