
(ප්‍රසාද් රුක්මල් )
හල්දුම්මුල්ල කිරවනාගම ගෝනකැටිය ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රීලංගම බස් රථයක් අද (23) පස්වරු 6.00ට පමන මුහුනට මුහුණ ලා ගැටීමෙන් හයදෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කල බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි .
අනතුරින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිම් පුද්ගලයන් තිදෙනෙකු සිටින බවත් ඔවුන් අතර පෞද්ගලික බස් රථ රියැදුරුද තුවාල ලබා සිටින බව පොලිසිය කීය.
කිරවනාගම සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථයක් සහ හපුතලේ සිට කිරවනාගම බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුනට මුහුණ ගැටි ඇති බවත් පොලිසිය සදහන් කලේය .
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් පිරි සිටි බවත්, අනතුරින් බස් රථ දෙකට අලාභහානිවී ඇතයි පොලිසිය පවසයි .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.එ.ආර්.සී.අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 1 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉදුනිල් මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd