
ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් මේවනවිට නීතිමය ගැටලු රැසතට මුහුණ දී සීටින බව වාර්තා වේ.
බොලිවුඩ් නළි නිළියන් ඉහළ පෙළේ දේශපාලනඥයන් හෝ රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, ජනතාවගෙන් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර් චෝදනා එල්ල වී ඇත. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙන අතර, චන්ද්‍රසේකර් නවදිල්ලියේ මැන්ඩොලි බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
චන්ද්‍රසේකර් අත්අඩංගුවට පත් වූයේ ජැක්ලින් ෆර්නැන්ඩස් ඇතුළු බොලිවුඩ් නිළියන්ට සුඛෝපභෝගී තෑගි සහ මුදල් ලබා දෙද්දීය. චන්ද්‍රසේකර් සම්බන්ධ ‘හුටපටය’ ආරම්භයේ පටන් ජැක්ලින් දිගින් දිගටම කියා සිටියේ තමා සුකේෂ්ගේ රැවටීමට ලක්වූ වින්දිතයකු මිස මෙම මූල්‍ය වංචාවට කිසිදු සම්බන්ධයක් නැති බවය.
කෙසේ නමුත් දැන් දිල්ලි පැටියාලා හවුස් අධිකරණයේ අතිරේක මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත් ෂර්මා, මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියෝග කර ඇති ඇත.
ඒ අනුව, සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ පසුබිම පිළිබඳව දැනුවත්ව සිටියදී පවා ජැක්ලින් ඔහුගෙන් වටිනා තෑගි ලබාගෙන ඇතැයි ජැක්ලින්ට චෝදනා එල්ල වී ඇත. අධිකරණය වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, ‘අපරාධවලින් උපයාගත් මුදල් භාවිතය වසන් කිරීම සඳහා ඇය සුකේෂ් චන්ද්‍රශේඛර් සමග කුමන්ත්‍රණය කර ඇති’ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු විදියට මාව බැඳලා ඉන්නැතුව ලොකු දේවල් හොයාගෙන ගියාට ඔයාට හොඳ වැඩේ. ඒත් මගේ හිත තවමත් එදා වගේමයි.